වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් කල්පිටිය, මොහොත්තුවාරම් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන් සතුව මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598.1 ක් සහ ඩිෆෙන්ඩර් ජිප් රථයක් නාවික හමුදා බාරයට ගැණිනි.
සැකකරුවන් වයස අවුරුදු 42 සහ 44 වන වියෙහි පසුවන්නෝ වෙති.
ඔවුන් උකුවෙල සහ කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිෆෙන්ඩර් රථය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත බාර දීමට පියවර ගැණිනි.
(28535)
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd