(චන්දන ප්‍රනාන්දු)
දුම්මලකොටුව ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට සූදු ගසමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු හා මුදල් තොගයක් අද(19) සැකපිට අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූදුකෙළියේ නිරත නිවෙස් හිමිකරු සහ මැටිකොටුව හා දුම්මලකොටුවේ පදිංචිකරුවන් පිරිසකි.
පොලිසිය ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර තිබේ.
සැකකරුවන් සමග රුපියල් 4200 ක පමණ මුදල් හා සැකකරුවන් පැමිණි යතුරු පැදි 3 ක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය කීය.
සැකකරුවන්ව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd