IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොලිස් කූඩුවේ සිටි සැමියාට කුඩු දුන්න බිරිඳ රිමාන්ඞ්

(ආනන්ද ඉ. ජයකොඩි)

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට කෑම පාර්සලයක් සමඟ හෙරොයින් පැකට් එකක් ලබාදුන් බව කියන සැකකරුගේ  බිරිඳ මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත‍්‍රාත් සිරිපාල එම්.පතිරණ මහතා අද (19) නියෝග කළේය.

මගලෙගොඩ ප්‍රදේශයේ පදිංචි පී.කේ.කාංචනා සඳමාලි නමැති කාන්තාවක් මෙසේ  රිමාන්ඞ් කෙරිණි.

හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටින සැකකාර සැමියාගේ බිරිඳ අද (19) පැමිණ කෑම පාර්සලයක් ලබා දීමෙන් අනතුරුව එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසකට සැකයක් මතුවී කෑම පාර්සලය පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ හෙරොයින් පැකට් එකක් තිබී හමු වී ඇත.

මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අද (19) වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථවේ එසේ රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.



අදහස් (0)

පොලිස් කූඩුවේ සිටි සැමියාට කුඩු දුන්න බිරිඳ රිමාන්ඞ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14587 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site