(පැතුම් දර්ශන)
බිරිඳ විසින් පොරවකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මිය ගොස් ඇතැයි හොරොව්පොතාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරොව්පොතාන පුහුලේ වැව කෝන්ගොල්ලෑව පදිංචිව සිටි සෙත්ත මුදලිගේ චමින්ද පුෂ්පකුමාර නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.
පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ගැටුමකින් මෙම මරණය සිදුවී ඇතැයි පොලීසිය වැඩිදුරටත් කියයි.
මියගිය පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ අතර කලක සිට අඬදබර සිදු වී ඇති බව පවසන පොලිසිය ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති බවද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd