ව්‍යාජ නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් හය ලක්ෂයකට ආසන්න ව්‍යාජ මුදල් නෝට්ටු හා මුද්‍රණය කිරිමේ උපකරණ සදඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 17 February 2019
අපරාධවලට සම්බන්ධ තරුණයන් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට තණමල්විල නගරයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් හතරදෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අද (16) ගිනි අවි තුනක් ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ දෙකක් සහ යතුරුපැදි දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි. 16 February 2019
ගෙවීම් නොකළ ප්‍රදර්ශන පුවරු ඉවත් කරයි අනුරාධපුර මහනගර සභා බලප්‍රදේශයට අයත් භූමිය තුළ කිසිඳු ගෙවීමකින් තොරව සවිකර තිබූ දැවැන්ත ප්‍රදර්ශන පුවරු පසුගියදා ඉවත් කෙරිණි. 16 February 2019
අලියා පහර දීමට පැමිණි විට දිවගොස් දිවි බේරාගනී පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිත ප්‍රදේශයේදී ඇත් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයකු ආසන්නයේ පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුර අසලට දිව ගොස් දිවි බේරා ගෙන ඇති බව පොලීසිය කියයි. 16 February 2019
ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම වෙනුවෙන් පිණ්ඩපාත චාරිකාවක් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම වෙනුවෙන් සහ එය ලෝක උරුමයක් කිරීමට ගන්නා උත්සාහයට ආශිර්වාද කිරීම සඳහා අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රජා පොලිස් ඒකකය සහ අලවතුගොඩ පොලීසියේ සියලු පොලිස් නිලධාරීන් සමඟ අලවතුගොඩ වෙළඳ සංගමය එක්ව සංවිධානය කළ භික්ෂූන් වහන්සේලා 50 පනස් නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් අද (16) පෙරවරුවේ අලවතුගොඩ නගරයේ බොධීන් වහන්සේ අභියස සිට කොණකලගල ශ්‍රී විජිත මහා විහාරය දක්වා 16 February 2019
පුද්ගලයකුට පහරදුන් යුක්රේන ජාතිකයෙකු අල්ලයි රන්න කහඳමෝදර දී පුද්ගලයෙකුට පහර දී ඔහුගේ උඩු ඇන්දේ දත් දෙකක් කැඩූ බව කියන යුක්රේන ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පවසයි. 16 February 2019
නීතිවිරෝධී ගිනිඅවියක් සමග අයෙක් අත්අඩංගුවට නීති විරෝධි ලෙස මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සමග සැකකරුවෙකු ඌරගහ ලේනගලදී අත්අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලිසිය පවසයි. 16 February 2019
නීතිවිරෝධීව ගිනි අවි ළඟතබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට විදේශීය රටක නිෂ්පාදනය කළබවට සැ,ලකෙන පතරොම් තුවක්කුවක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් බලපත්‍ර නොමැතිව සිය නිවෙස් තුල සඟවාගෙන සිටි කන්දකැටිය කහගොල්ල අරාව ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු අද (16) උදෑසන අදාල ගිණි අවි දෙකද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 16 February 2019
නීතී විරෝධිව මසුන් ඇල්ලු දෙදෙනකු අත්අඩංගුවට කල්පිටිය, කුදිරමලේ මුහුදු ප්‍රදේශයේදී නීතීවිරෝධිව නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 16 February 2019
අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව පැවැති විරෝධතාවය අතරතුර ගුටි කෙළියක් අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පළ කරමින් පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය දින තුනක් “ කළු දිනය‘‘ ලෙස නම් කරමින් නගරය පුරා කළු කොඩි ඔසවා කසල අංගනයට විරෝධය පා අද (15) නගරයේ සියළුම වෙළද සැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. 15 February 2019
වව්නතිව්හි ඝාතනය වූ කොස්තාපල්ගේ සහෝදරියට පුස්තකාල සහයක පත්වීමක් වව්නතිව්හි රාජකාරියේ යෙදී සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල් කනේෂ් දිනේෂ් මහතාගේ වැඩිමහල් සහෝදරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ පුස්තකාල සහායක පත්වීමක් පිරිනැමුවේය. 15 February 2019
වේරහැරදී පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කරලා බොරලැස්ගමුව වේරහැර දකුණ කහටගහවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයකු සිය මවගේ දෙවැනි කසාදයේ ස්වාමි පුරුෂයාගේ උගුරු දන්ඩට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය පවසයි. 15 February 2019
කේරළ ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට කේරළ ගංජා තොගයක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටි පුද්ගලයෙක් යාපනයේ කයිට්ස් හිදී අත්අඩංගුවට ගෙන තිබේ. 15 February 2019
පිරිමි දරුවෙකු අපයෝජනය කළ යුද හමුදා සෙබළෙක් වසර 7 ක් හිරේට සුරියවැව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි 10 හැවිරිදි පිරිමි දරුවෙකුට රෝහලේ වැසිකිළිය තුළදි බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ යුධ හමුදා සෙබළෙකුට රුපියල් 5000ක දඩයක් හා වසර 07ක බරපතළ වැඩ සිර දඩුවමක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (15) නියම කළේය. 15 February 2019
ව්‍යාජ ගමන් බලපත් භාවිතා කළ තිදෙනකු අල්ලයි යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව අගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පලා යෑමට තැත් කළ ඉරාක ජාතික පවුලක සාමාජිකයන් තිදෙනෙකු අද (15) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 15 February 2019
අපු‘ර නගර සභා මූල්‍ය වංචාවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර කර සිටින ප්‍රධාන සැකකාරිය ඇතුලූ සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා සියළු සැකකරුවන් මේ මස 20 දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය. 15 February 2019
තහනම් පොලිතීන් තොගයක් අත්අඩංගුවට පානදුර වලාන ප්‍රදේශයේ හොර රහසේ පවත්වාගෙන ගිය පොලිතින් නිෂ්පාදනාගාරයක ගබඩාවක තිබී තහනම් පොලිතීන් ආහාර දවටන කිලෝ 5000 ක තොගයක් අද (15) අත්අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය පවසයි. 15 February 2019
ගිනිඅවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනි අවියක් සමඟ සැකකරුවකු අද (15) පිටබැද්දර, තැනිපිටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිටබැද්දර පොලීසිය කියයි. 15 February 2019
ඉහළ වටවල ෆයිනස් රක්ෂිතයක ගින්නක් හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන වටවල ඉහළ වටවල ප්‍රදේශයේ ෆයිනස් වන වගා රක්ෂිතයක අද (15) ගින්නක් හටගෙන ඇති බව වටවල පොලිසිය පැවසීය. 15 February 2019
කැස්බෑවෙකු හොරෙන් ගෙන ගිය අයෙක් අත්ඩංගුවට යාපනයේ ඩෙල්ෆ් ප්‍රදේශයේදී ජීවී කැස්බෑවකු සඟවාගෙන රැගෙන යමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 15 February 2019
අවිධිමත් ලෙස ටෙන්ඩර් කැඳවී යැයි මාතලේ විරෝධතාවක් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවිධිමත් ලෙස ටෙන්ඩර් කර මාතලේ මඩවල නගරයේ වෙළඳසැල් කිහිපයක් ලබාදිමට විරෝධය දක්වමින් අද (15) මඩවල නගරයේදී එම ක්‍රියාවලියට විරෝධය දක්වමින් විරෝධතාවක් පැවැත්විණි. 15 February 2019
යතුරුපැදි හිස් වැසුමකින් පහර දී බිරිඳ ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට යතුරුපැදි හිස් වැසුමකින් පහරදී සිය බිරිඳ ඝාතනය කළ බවට සැක පිට සැමියෙකු මාතලේ යටවත්ත පොලිසියෙන් අද (15) අත්අඩංගුවට ගත් බව යටවත්ත පොලිසිය කියයි. 15 February 2019
පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නන් කාබන් බද්දෙන් අමාරුවේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ වලින් ස්ථාවර ගාස්තුවකින් තොරව ‘කාබන් බද්ද’ අයකර ගැනීම නිසා 40,000ක් පමණ වෘත්තිකයන් පිරිසක් අසාධාරණයට ලක්ව ඇතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා පවසයි. 15 February 2019
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා කඩ සාප්පු වසා දමයි වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (15) පුත්තලම නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ඇති අයුරු දක්නට ලැබිණි. 15 February 2019
විදුලි සැර වැදී අලියෙක් මරුට අලියකු විදුලි සැර වැදීමෙන් අද (15) උදෑසන සෙල්ල කතරගම පුංචි දබේ ප්‍රදේශයේ දි මිය ගොස් සිටිය දී වනජිවි නිලධාරීන් සොයා ගෙන තිබේ. 15 February 2019
ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රියක් සොයා ගනී ගවයින් සොරකම් කිරීම සඳහා යොදාගත් බවට සැකකරන ව්‍යාජ අංක තහඩු සහිත වෑන් රථයක් පස්යාල හන්දිය ආසන්නයේ දී අනතුරකට පත්ව තිබියදී අද (15) සොයා ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 15 February 2019
පාළු වලක වැටී සිටි ගල් ඉබ්බන් පවුලක් ඉගිනිමිටිය ජලාශයට මුදා හැරේ නවගත්තේගම නගරයේ පෞද්ගලික ඉඩමක් ආසන්යේ තිබු පාළු වලක ගොඩ එමට නොහැකිව සිරවි සිටි ගල් ඉබ්බන් පවුලක් බේරා ගෙන ඉගිනිමිටිය ජලාශයට මුදා හැරිමට නවගත්තේගම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරින් පිරිසක් අද ( 14 ) කටයුතු කළහ. 14 February 2019
නවනැලියේ තරුණිය ඝාතනය කළ ඥාති සහෝදරයා රිමාන්ඩ් කල්තොට නවනැලිය, මොලමුරේදී 20 හැවිරිදි තරුණික ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ ඥාති සහෝදරයෙකු මේ මස 26දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් එම්.එම්.රාෆික් මහතා අද (14) නියෝග කළේය. 14 February 2019
එළිය සංවිධානයේ නව කාර්යාලය කිරුළපනදී විවෘත කෙරේ ‘එළිය’ සංවිධානයේ නව කාර්යාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන දී අද (14) විවෘත කෙරිණි. 14 February 2019
අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලමේ කළු කොඩි ඔසවති අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා පුත්තලම නගරයේ කළු කොඩි දමා දින තුනක් ‘‘කළු දිනය‘‘ ලෙස නම් කර පුත්තලම නගරයේ විරෝධතාවයක් අද (14 ) ආරම්භ කෙරිණි. 14 February 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026