(කටුනායක ටී.කේ.ජී.කපිල )
යුරෝපා සංගමයට අයත් සයිප්‍රස් රාජ්‍යයේ බව අගවන ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පලා යෑමට තැත් කළ ඉරාක ජාතික පවුලක සාමාජිකයන් තිදෙනෙකු අද (15) දහවල් කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම පවුලේ පියා 35 හැවිරිදි වන අතර , මව 33 හැවිරිදි වියේ පසුවන්නියකි . ඔවුන්ගේ දියණිය 07 හැවිරිදිය .
මොවුන් ඉරාකයේ සිට තුර්කියේ , ඉස්තාන්බුල් නුවරට පැමිණ , පසුව ඩුබායි වෙත ගොස් , එතැන් සිට , ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 557 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඉන්පසු දින කීපයක් ශ්‍රී ලංකාවේ ගත කළ මොවුන් , මෙම සයිප්‍රසයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් අද (15 ) දහවල් 1.05 ට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන ගුවන් යානයට , කටුනායක ගුවන් තොටුපළ වෙත පිවිස ,
එම ගුවන් යානයට නැගීමේ අවසර පත්‍ර ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ලබා ගෙන තිබුණි
එහෙත් වහාම ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපළ ආගමන - ව්ගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මොවුන් සතුව තිබූ මෙම ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ඒවා බව හදුනා ගෙන , ඔවුන් ගුවන් යානයට ගොඩ වීම වලක්වා , මොවුන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව සිදු කරන ලද විමර්ශන වලදී , මොවුන් ශ්‍රී ලංකාවට පැමිණි ඉරාක ගුවන් ගමන් බලපත්‍ර , ඔවුන්ගේ ගමන් මලු වල සඟවා ගෙන තිබියදී මෙම ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .
මෙම පිරිස බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ගැනීම සදහා මෙසේ පිටත්ව යෑමට පැමිණ තිබූ බව මෙම නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
කෙසේ වෙතත් මොවුන් තිදෙනා මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය මගින් ලන්ඩන් නුවරට ගෙන ගියේ නම් , මොවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 60 ක පමණ දඩ මුදලක් එරට ගුවන් තොටුපළ බලධාරීන් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගෙවීමට සිදු වන බව ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීවරයෙකුව පැවසීය .
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ ගමන් බලපත් භාවිතා කළ තිදෙනකු අල්ලයි