කොටපොළ ප්‍රා.සභාවට අයත් වෙළඳසැලක් ලක්ෂ 48 ට විකුණලා රුපියල් ලක්ෂ 48 කට කොටපොල ප්‍රාදේශීය සභාවට අයත් කොටපොළ වෙළඳසැලක් බදුකරු විසින් වෙනත් පුද්ගලයෙකුට විකුණාදමා ඇතැයි කොටපොල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාර මහතා අද (14) පැවති කොටපොල ප්‍රාදේශීය සභා සැසිවාරයේදී පැවසීය. 14 February 2019
අධිවේගී මාර්ගයේ වැඩබිමකින් භාණ්ඩ සොරකම් කළ අයියා-මලෝ අත්අඩංගුවට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන අගුණකොළපෑලැස්ස ජඳුර ප්‍රදේශයේ පිහිටි ගල්වැඩපලකින් සොරකම් කළැයි කියන රුපියල් 118,000කට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ද සමඟ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු සැකපිට අද(14) අත්අඩංගුවට ගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. 14 February 2019
පුත්තලමේ ගුරුවරු නිහඬ විරෝධතාවයක ලංකා ගුරු සංගමය විසින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (14) පුත්තලම නගරයේදී පැවැත්විණි. 14 February 2019
ගුරු සේවා සංගම් විරෝධතාවක් තංගල්ලේදී ගුරුවරු සිරගත කිරීම වළක්වන ලෙස ඉල්ලා අද (14) තංගල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. 14 February 2019
මුහුදේ නාන්න ගිය විදේශිකයෙක් මරුට දික්වැල්ල හංවැල්ල උස්වත්ත මුහුදේ දිය නාමින් සිටි 70 හැවිරිදි ජර්මන් ජාතිකයකු දියේ ගිලි අද (14) මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. 14 February 2019
අ‘පුර කළමනාකරණ සහකාර නිලධාරීන් උද්ඝෝෂණයක කළමණාකරණ සහකාර සේවයේ ආරම්භක වැටුප් තලය ඉහළ දැමිම ඇතුළු ඉල්ලිම් 13 ක් ලබාදෙන ලෙස ඉල්ලා කළමණාකරන සහකාර සේවයේ නිලධාරිහු පිරිසක් අද (14) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක නිරතවුහ. 14 February 2019
බෙහෙත් කොටන තුවක්කු 3ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට සේරුනුවර පොලිස් වසමට අයත් සිත්තාරු කැලෑ ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කු 3ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අද (14) යුද හමුදාව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත. 14 February 2019
හොරොයින් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට හොරායින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනකු කටුනායකදී අත්අංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 14 February 2019
නාමල් කරුණාරත්නගෙන් පැමිණිල්ලක් නීත්‍යනූකූල ලෙස හිමිවිය යුතු සහන ලබානොදීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් බාරදීම අද (14) සිදුකෙරිණි. 14 February 2019
ආරක්ෂක මාණ්ඩලික ප්රධානීට පාකිස්තානයෙන් ගෞරවාන්විත පදක්කමක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා, පාකිස්තානු රජය විසින් පිරිනමනු ලබන නිසාන් ඊ ඉමිටියාස් නම් හමුදාමය ගෞරවාන්විත පදක්කමෙන් පිදුම් ලැබුවේය. 14 February 2019
දැරියන් දෙදෙනකු අපයෝජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට හලාවත, කරවිටාගාර පදිංචි පුද්ගලයෙකු සිය දෙවැනි බිරිදගේ දියණියත් ඇගේ යෙහෙළියත් බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක් කළැයි සැකපිට අද(14) අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය පවසයි. 14 February 2019
ආණමඩුව කොට්ටුකච්චිය විද්‍යාලයට ලක්ෂ 175 ක ඉගෙනුම් මධ්‍යස්ථානයක් ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් වෙනුවෙන් ලක්ෂ 175 ක වටිනාකමකින් යුතුව ඉදිකළ ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරිම අද (13) පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 13 February 2019
නොච්චියාගමදී අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවස පරීක්ෂාවට නොච්චියාගමදී ගංජා තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රභූ ආරක්ෂක අංශයකට අයත් උපපොලිස් පරීක්ෂකවරයාගේ මීරිගම නිවස,ඔහුගේ හිතවතුන්ගේ හා පවුලේ සාමාජිකයන්ගේ නිවාස ගණනාවක් අද (13) පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය. 13 February 2019
කටුනායකදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කොළඹ සිට කටුනායකට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු සහ ඔහු ගමන් ගනිමින් සිටි මෝටර් රථය අද (13) කටුනායක පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 13 February 2019
ගම්පහ අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් නිහඬ විරෝධතාවයක සිසු දරුවන් යහ මගට ගැනීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සද්භාවයෙන් කටයුතු කිරීමේදී ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ආරක්ෂාව සැලසීමට අසමත් අධ්‍යාපන බලධාරීන්ට විරෝධය දැක්වා ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ගම්පහ අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් අද (13) නිහඬ විරෝධතාවයක නිරත වුහ. 13 February 2019
මහවැලි ගොවීන්ට ඉඩම් ඔප්පු දස දහසක් මහවැලි බී හා සී කලාපයේ ගොවීන්ට ඉඩම් ඔප්පු දස දහසක් පිරිනැමීමට නියමිත යැයි මහවැලි නේවාසික ව්‍යාපාර කළමණාකරු විමල් කුමාර කත්‍රිආරච්චි මහතා ලංකාදීපයට කීය. 13 February 2019
ලංකා පොහොර සමාගමට - මිල්කෝ සමාගමට නව සභාපතිවරු පත් කෙරේ සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ ආයතනයට නව සභාපතිවරුන් පත් කර තිබේ. 13 February 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට උප්පුරල් ප්‍රදේශයේදී ගිනි අවියක්, ගිනිපෙට්ට් 47 ක් සහ ඊයම් බෝල053 ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 13 February 2019
නිතී විරෝධිව මසුන් ඇල්ලු දෙදෙනක් අත්අඩංගුවට කප්පල්තුරෛ , මදට්ටන් වෙරළ ප්‍රදේශයේදී නීති විරෝධී දැල් භාවිතා කරමින් මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 13 February 2019
මාධ්‍යවේදියාට මරු කැදවූ ජීප් රියේ රියදුරාට ඇප රිය අනතුරකට ලක්ව මියගිය විද්‍යුත් හා මුද්‍රිත ප්‍රාදේශීය මාධ්‍යවේදී රුචිර අබේමාන්න මහතාගේ මරණය සම්බන්ධව රිමාන්ඞ් භාරයේ සිටි සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලෙස රත්නපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජනිතා රෝෂිනි පෙරේරා මහත්මිය නියම කළාය. 13 February 2019
ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්යක්ෂ ධූරයට එරික් ප්‍රසන්න වීරවර්ධන ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කර තිබේ. 13 February 2019
අම්බලන්තොට ගුරු උද්ඝෝෂණයක් ලංකා ගුරු සේවා සංගමය මගින් සංවිධානය කළ විරෝධතාවයක් අද (13) අම්බලන්තොට නගරයේ දී පැවැත්විණි. 13 February 2019
ඩෙංගු අවදානම නැති කරගන්න අවධානයෙන් සිටින්නැයි උපදෙස් දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්වයත් සමග ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 13 February 2019
වන අලියකු පහර දීමෙන් පුද්ගලයෙක් මරුට හම්බන්තොට පල්ලෙමලල ප්‍රදේශයේ කැලෑවක දර කැඩිමට ගොස් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක් වු පුද්ගලයෙකු අද (13) මියගොස් ඇතැයි හම්බන්තොට පොලීසිය පවසයි. 13 February 2019
පණ්ඩුකාභය රජ මාළිගය විනාශ මුඛයේ පණ්ඩුකාභය කුමරු සහ ස්වර්ණපාලි කුමරිය වාසය කළ ඓතිහාසික මාළිගාව සහ එහි නටඹුන් පුරා විද්‍යා දෙපාරමේන්තුවේ නිලධාරීන්ගේ නොසැලිකිලිමත්කම නිසා විනාශයට ලක්ව ඇතැයි ස්වර්ණපාලි රජමහා විහාරයේ විහාරාධිපති හිඟුල්වල කුසලඥාණ නාහිමි පවසයි. 13 February 2019
රිවොල්වරයක් සමඟ අයෙක් අත්අඩංගුවට හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයෙන් නිවසක තිබි ඉතාලියේ නිෂ්පාදිත ස්වයංකි‍්‍රය රිවොල්වරයක් සමඟ පුද්ගලයෙකු (13) දින පෙරවරුවේ අත්ඩංගූවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි. 13 February 2019
වල් අලි කොට්ටුකච්චියේ කුඹුරු වනසති වල් අලි රංචු පිටින් ආණමඩුව කුඹුරුවලට කඩා වැදී අක්කර ගණනාවක වගා විනාස කිරීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි කොට්ටුකච්චිය ගොවීහු පවසති. 13 February 2019
රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට හංවැල්ල කළුඅග්ගල - ලබුගම මාර්ගයේ නිරිපොල ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ ති‍්‍ර රෝද රථයක් එක්වරම මාර්ගය හරහා පෙරලී ගොස් ඉදිරිපසින් පැමිණි යතුරුපැදියක ද ගැටීමෙන් අද (13) දින උදෑසන සිදු වූ අනතුරින් එක් අයෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 13 February 2019
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මෙරට නිශ්පාධිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් දෙනියාය කිරිවැල්දොල පාලම අසලදී දෙනියාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 13 February 2019
මුතුරාජවෙල අභයභූමියේ වගුරු ගොඩකරන්නන්ට නඩු මුතුරාජවෙල අභයභූමිය අත්පත් කරගැනීමේ අරමුණින් වන ජීවී වාසස්ථානවලට හානි කරමින් වගුරු බිම් ගොඩ කිරීමේ නිරතව සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට ක්‍රියා කරන බව මුතුරාජවෙල වන ජීවි අඩවි ආරකෂක කාර්යාලය පවසයි. 13 February 2019
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026