IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යතුරුපැදි හිස් වැසුමකින් පහර දී බිරිඳ ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස)

යතුරුපැදි හිස් වැසුමකින් පහරදී සිය බිරිඳ ඝාතනය කළ බවට සැක පිට සැමියෙකු මාතලේ යටවත්ත පොලිසියෙන් අද (15) අත්අඩංගුවට ගත් බව යටවත්ත පොලිසිය කියයි.

පසුගිය තුන් වැනි  දින බිම ඇදවැටීම කින් තුවාල වූ බව පවසා  මෙම කාන්තාවක මාතලේ යටවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අසාධ්‍ය තත්වයේ පසුවීමත් සමඟ ඇය මාතලේ රෝහලට මාරු කර යවා ඇත.

අනතුරුව මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබුණු බවත් පසුව 13 වන දින  රාත්‍රී මහනුවර රෝහලේ දී  සැත්කමකට ද භාජනය කර  සිටියදී   මෙම කාන්තාව  මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

අසාධ්‍ය තත්වයේ සිටි මෙම කාන්තාවගේ සැත්කම කළ වෛද්‍යවරුන් ‍ප්‍රකාශ කර ඇත්තේ ඇදවැටීම කින් නොව තදබල පහරදීමකින් ඇයගේ සුසුම්නාව ප්‍රදේශයේට  බරපතල හානි සිදුව තිබෙන බව පොලීසිය කියයි.


පසුව මියගිය කාන්තාවගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී තම බිරිඳට   යතුරුපැදි හිස් වැසුමකින් පහරදුන් බව හෙළිවී යැයි යටවත්ත පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්.   වල්පොල මහතා පැවසීය.


සැමියාගේ පහරදීමෙන් මෙසේ මියගොස් ඇත්තේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි කේ .ජී. ලාලනී සෙනෙවිරත්න (37) හැවිරිදි තිදරු මවකි. 

මියගිය  කාන්තාව මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති කාර්යාලයේ සහකාර   කළමනාකාරවරියක් ලෙස සේවය කළ බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගත් සැමියා ජල හා ජලාපවාහන මණ්ඩලයේ රියදුරකු බව පොලිසිය කියයි.


මියගිය කාන්තාවට වයස අවුරුදු 12 ක  වයස අවුරුදු නමයක, සහ වයස අවුරුදු එකහමාරක් වූ දරුවන් තිදෙනකු සිටින බව පොලීසිය සඳහන් කළේය.

මෙම අඹු සැමි යුවළ අතර නිරන්තරයෙන්ම ගැටුම්කාරී තත්ත්වයන් සහ අඩදබර සිදු වූ බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


පසුගිය තුන් වන දින ද දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් මියගිය කාන්තාව සිය මවගේ  නිවසට ගොස් සිටියදී එම නිවසට පැමිණි සැමියා යතුරුපැදි හිස් වැසුමකින් පහරදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇයි ස්ථානාධිපති ඩබ්ලිව්. එම්.   වල්පොල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


මියගිය කාන්තාවගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය 15 දින පෙරවරුවේ මහනුවර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාර සැමියා අද 15 දිහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව යටවත්ත පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (2)

යතුරුපැදි හිස් වැසුමකින් පහර දී බිරිඳ ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට

thilak Friday, 15 February 2019 07:51 AM

අපේ සිංහල ජාතිය මෙහෙම විනාස වෙනවා දකිනකොට හරිම දුකක් ඇති වෙන්නේ. ළමයි ටික අනාත වෙනවා. මුළු සමාජයම විකුර්තියක් වෙලා තියෙන්නේ.

:       0       0

Raveendra Friday, 15 February 2019 08:25 AM

ඉවසීම, හික්මීම නැතිවීමෙන් අහිංසක දරුවන් දෙදෙනෙකුට අම්මෙක් නැතිවීම මොනතරම් කණගාටුවක්ද? අවසානයේ මේ දරුවන් දෙදෙනාට පියායි කියන මිනිසාත් නැතිවන්නේ ඔහු මහඋළුගෙදරට යාමෙන් නොවේද?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site