(අශෝක තිලකරත්න)
රන්න කහඳමෝදර දී පුද්ගලයෙකුට පහර දී ඔහුගේ උඩු ඇන්දේ දත් දෙකක් කැඩූ බව කියන යුක්රේන ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය පවසයි.
එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වොටේන් කෝ විකෝලා (32) නැමති අයෙකි.
ඔහුගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා තංගල්ල මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.මෙම පහර දීම මුදල් ආරවුලක් මත සිදු වී ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකාර යුක්රේන් ජාතිකයා අද (16දා) දහවල් අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
හුංගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැගෙනහිර යුරෝපා රටවල් යුරෝපා සංගමයට එක්වීමෙන් ඔවුන්ට යුරෝපයේ අනිකුත් දියුණු රටවල් වලට ඇතුළුවීමේ අවහිරය නැතිව ගියා. දැන් නැගෙනහිර යුරෝපා රටවල්වල විශාල ප්‍රමාණයක් සිය පවුල්පිටින් අනිකුත් රටවල ජීවත් වෙනවා. සොරකම්, අන්‍යයන්ට ගරු නොකිරීම්, මිනීමැරුම්, සමාජ දුෂණ මේ අයගෙන් සිදුවෙන නිසා ඒ රටවල්ද දැඩි අපහසුතාවයන්ටද පත්වී තිබෙනවා. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට යාමද මෙය එක හේතුවයි