IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතිවිරෝධීව ගිනි අවි ළඟතබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

 (වියලුව  නිශාන්ත කුමාර)
විදේශීය රටක නිෂ්පාදනය කළබවට සැ,ලකෙන පතරොම්  තුවක්කුවක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් බලපත්‍ර නොමැතිව සිය නිවෙස් තුල සඟවාගෙන සිටි  කන්දකැටිය කහගොල්ල අරාව ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු අද (16) උදෑසන අදාල ගිණි අවි දෙකද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය   කහගොල්ල අරාව ප්‍රදේශයේ  පදිංචි වයස අවුරුදු 43 ක හා 32 ක පුද්ගලයින් දෙදෙනෙකි.

 කන්දකැටිය පොලිසිය වෙත ලද ඔත්තුවක් මත සිදුකළ වැටලීමකදී   ඔවුන්ගේ නිවෙස්වල   සඟවා තිබූ තුවක්කු දෙක සැකකරුවන් දෙදෙනා ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත .

බදුල්ල කොට්ඨාශය බාර පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් පරිදි කන්දකැටිය පොලිස් ස්ථානාධීපති ඩබ්ලිව් එම් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ කන්දකැටිය පොලිසියේ පොලිස් සැරයන් කේ. එම්.  වික්‍රමපාල (4213) , පොලිස්   කොස්තාපල්  බී බී    ජානක පුෂ්පකුමාර (77477)   ආර් .එම්. පී. එස්.  රත්නායක (83414) , පොලිස් කොස්තාපල් ඩී එම් කිත්සිරි කුමාර (95771) , සිවිල් ආරක්ෂක බලකායේ ඩබ්ලිව් එම් ජී එල් දමිත් කුමාර  යන   නිලධාරීහු වැටලීම සිදුකර සැකකරුවන්  සහ ගිනි අවි දෙක  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සමඟ ගිනි අවි දෙක  අද (16) බදුල්ල මහේස්ත්‍රාත්වරයා   හමුවට පැමිණිවීමට නිමිතය.
කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

නීතිවිරෝධීව ගිනි අවි ළඟතබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site