IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අපරාධවලට සම්බන්ධ තරුණයන් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට

(දියතලාව - ඩී.කේ.රත්න)
තණමල්විල නගරයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් හතරදෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අද (16) ගිනි අවි තුනක් ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ දෙකක් සහ යතුරුපැදි දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.

තණමල්විල සූරියආර කුමාරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27ක සහ 24ක තරුණයන් දෙදෙනෙකුද, තණමල්විල ගගේයාය පදිංචි වයස අවුරුදු 28ක සහ 25ක තරුණයන් දෙදෙනෙකුද තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් අත්අඩංගුවට ගනු ලබන අවස්ථාවේදී ඔවුන් ලග තිබී මෙරට නිෂ්පාදිත මිලිමීටර් නවය වර්ගයේ රිවෝල්වරයක් බෝර 12 ගල්කටස්  වර්ගයේ ගිනි අවියක්, බෝර 12 බටය කපන ලද ගිනි අවියක්, මිලිමීටර් නවය රිවෝල්වරයට යොදන ජීව උණ්ඩ දෙකක් සහ යතුරුපැදි දෙකක්ද තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.එස්.පනාවෙල මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වැල්ලවාය  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අපරාධවලට සම්බන්ධ තරුණයන් සිව්දෙනෙකු ගිනි අවි සමග අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11256 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site