(උපුල් තම්මිට අනුරාධපුර)
අනුරාධපුර මහනගර සභා බලප්‍රදේශයට අයත් භූමිය තුළ කිසිඳු ගෙවීමකින් තොරව සවිකර තිබූ දැවැන්ත ප්‍රදර්ශන පුවරු පසුගියදා ඉවත් කෙරිණි.
අනුරාධපුර මහනගර සභාවට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට කිසිඳු ගෙවීමක් නොකර සවිකර තිබූ මෙම නාමපුවරුවලින් බහුතරයක් විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින් විසින් සවිකර තිබූ බව පෙන්වාදෙන අනුරාධපුර මහනගර සභාවේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මෙම ප්‍රදර්ශන පුවරු සදහා මුදල් ගෙවීම් කරන ලෙස දැන්වුවද ඒ කිසිඳු දැනුම්දීමට ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අනුරාධපුර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් මෙම පුවරු ඉවත් කිරීමට තීරණය කළ බවයි.
මෙහිදී පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂවලට අයත් දැවැන්ත ප්‍රචාරක පුවරු රැසක් ගලවා ඉවත්කෙරුනු අතර අනුරාධපුර පොලිස් ස්ථානය අසළ ඩී.එස්.සේනානායක වටරවුම අසළින් ප්‍රචාරක පුවරු ඉවත් කිරීම ආරම්භ කෙරිණි. මෙහිදී කළ විමසීමකදී අදහස් දැක්වූ අනුරාධපුර මහනගර සභාවේ පුරපති එච්.පී.සෝමදාස මහතා පවසා සිටියේ සවිකර ඇති ප්‍රචාරක පුවරුවලින් බහුතරයක් සදහා නගර සභාවට අයවියයුතු මුදල් ගෙවීම පැහැරහැරීම නිසා මහනගර සභාවට විශාල පාඩුවක් සිදුවන සිදුවන බවත් මේ හේතුවෙන් වෙනත් අයෙකුට හෝ මුදල් ගෙවා ප්‍රචාරක පුවරු සවිකිරීමේ අවස්ථාව මගහැරී ඇති බවය.

2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙවීම් නොකළ ප්‍රදර්ශන පුවරු ඉවත් කරයි
chandima Sunday, 17 February 2019 12:08 AM
හොඳ වැඩේ ඔහොම තමයි කරන්නට ඕන. ඔය පුවරු බොහොමයක තියෙන්නේ කොළඹ නගරයේ නැතිනම් බස්නාහිර පළාතේ පවත්වාගෙන යන සමාගම්වල නිෂ්පාදන හෝ වෙළඳ සේවාවන්. ඒ දැන්වීම් පෙන්නලා අනුරාධපුරයේ ජනතාවට බදු විකුණලා එයාල බදු ගෙවන්නේ බස්නාහිර පළාතට. එයාලට අනුරාධපුරයටත් සොච්චමක් හරි දෙන්න වටිනවා.