(උපාලි ආනන්ද)
අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගෙන මාස පහකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර කර සිටින ප‍්‍රධාන සැකකාරිය ඇතුලූ සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීම ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා සියළු සැකකරුවන් මේ මස 20 දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල අද (15) අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේය.
අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාරව කටයුතු කළ යුත්තේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙකු වුවද එම මහ නගර සභාවේ වැටුප් විෂය බාරව රාජකාරි කර ඇත්තේ කම්කරු සේවිකාවක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මීට පෙර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැන්වීය.
වසර පහක පමණ කාලයක් මහ නගර සභාවේ වැටුප් විෂය බාරව රාජකාරි කර ඇත්තේ මෙම මූල්‍ය වංචා සිද්ධියට දැනට රිමාන්ඩ් කර සිටින කම්කරු සේවිකාව බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය මහ නගර සභාව සතු මුදල් බැංකු ගත කළ ලේඛන මේ වන විට නගර සභාව සතුව නැති බවත් ඒවා අස්ථාන ගත කරන්නට හෝ විනාශ කරන්නට ඇති බවට සැකයක් පවතින බවත් තවදුරටත් අධිකරණයට දැනුම් දැන්වීය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තෙමින්තුවේ වානිජ අපරාධ විමර්ශන අංශය තවදුරටත් අධිකරණයට කියා සිටියේ මෙම මූල්‍ය වංචාවට සැකපිට රිමාන්ඩ් බාරයේ රඳවා සිටින පළමු සැකකාරියගේ(මහ නගර සභාවේ වැටුප් විෂය නිලධාරිණිය ලෙස රාජකාරි කල කම්කරු සේවිකාවගේ) දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම් වලටද නගර සභාව සතු මුදල් රුපියල් ලක්ෂ ගනනක් බැර කර ඇති බවත් ඒ පිළිබදව තවදුරටත් කරුණු අනාවරණ කර ගැනීම සදහා පරික්ෂණ ක‍්‍රියාත්මක බවත්ය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපු‘ර නගර සභා මූල්‍ය වංචාවේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්