IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නන් කාබන් බද්දෙන් අමාරුවේ


(අජිත්ලාල් ශාන්තඋදය)
 
පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ වලින්  ස්ථාවර ගාස්තුවකින් තොරව ‘කාබන් බද්ද’ අයකර ගැනීම නිසා 40,000ක් පමණ වෘත්තිකයන් පිරිසක් අසාධාරණයට ලක්ව ඇතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා පවසයි.
 
මේ ගැටලුවට වහාම කඩිනම් විසඳුමක් ඉල්ලා අගමැති, මුදල් ඇමති, ප්‍රවාහන ඇමති සහ මාර්ග ආරක්‍ෂණ ජාතික සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළ බව ද ඔහු පැවසුවේය.
 
‘කාබන් බද්ද ’ අයකිරීමේ දී පෞද්ගලික බස් සේවා සඳහා ක්‍රමවේදයක් ඇතත් පාසල් ළමයින් ප්‍රවාහන කරන බස් සහ වෑන් රථ එම ක්‍රමවේදයට ඇතුළත් නොවන ලෙස වෙනත් ආකාරයකින් ගණනය කර කාබන් බද්ද අයකරන බවට සාමාජිකයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බව ද හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා පැවසුවේය.
 
 “ලංකාව පුරා 40,000කට ආසන්න ප්‍රමාණයක් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ වෘත්තියේ නියැලෙනවා. අපේ සංමගයේ සාමාජිකත්වය 25,000 ඉක්මවනවා. දිස්ත්‍රික් 21කට අනුබද්ධ සමිති 179ක් සංගමයට අයත් වෙනවා. මේ ගැටලුව අපේ සංගමයේ සාමාජිකයන්ට විතරක් නෙවෙයි පාසල් ළමුන් ප්‍රවාහනය කරන හැම දෙනාටම බලපානවා”
 
““පොදු මගී ප්‍රවාහන සේවා බස් වලින් කාබන් බදු අයකිරීමේ ස්ථාවර ගාස්තුවක් තිබෙනවා. වාර්ෂික රක්‍ෂණ සහතිකය, යෝග්‍යතා සහතිකය, වායු විමෝචන සහතිකය යන සහතිකවලට අමතරව ආදායම් සහතිකය ලබාගැනීමේ දී එක් ආසනයකට රුපියල් 500ක ගාස්තුවක් පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ වලින් අයකරනවා. පෞද්ගලික බස්වලින් ආසනයකට රුපියල් 150යි අයකරන්නේ. පෞද්ගලික බස් වලින් අවුරුදු 10ට වැඩිනම් රුපියල් 3,000ක ස්ථාවර ගාස්තුවක් කාබන් බද්ද ලෙස අයකරනවා. නමුත් ලියාපදිංචිය අවුරුදු 10ට වැඩි  බස් සහ වෑන්වලින් ඇංජිමේ ධාරිතාව අනුව එය එකයි ශත පනහෙන් වැඩිකරලා අයකරන්නේ. එවිට බස් සහ වෑන්වල කාබන් බද්ද රුපියල් 5,000ට වැඩියි. මේ අයකිරීම අපිට දරාගන්න බෑ”
 
 “අපේ සංගම් හරහා අපි ස්වයං නියාමනයක් ඇති කරලා, විනයක් ඇතුව පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සේවාව පවත්වාගෙන යනවා. වැරදි නොවෙන්නයි අපි නියාමයක් අවශ්‍යයි කියන්නේ. දවසකට පාසල් ළමයින් 110,000ට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්නේ මේ කියන  වෘත්තිකයන් 40,000යි.”
 
“ආණ්ඩුව කිව්වේ සොච්චම් මුදලක් අය කරනවා කියලා. ආණ්ඩුවට සොච්චම් වුණාට අපිට ඒක මහමෙරක්. මේ බර අපිට දරුවන් එවන අම්මලා තාත්තලාගෙන් අයකරන්න බෑ.විසඳුම් ඉල්ලලා දරුවන් බිල්ලට තියලා අපි වර්ජන කරන්නේ නෑ. මේ වෙනකොට කාබන් බදු ගෙවපු පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රටපුරා තියනවා. මේ බරපතල ගැටලුවට විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස රජයෙන් අපි ඉල්ලා සිටිනවා”
 
මේ සම්බන්‍ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් කළ විමසුමකදී එහි ප්‍රකාශිකාවක පැවසුවේ පසුගිය වසරේ අයවැය යෝජනාවක් අනුව මෙම කාබන් බදු අයකිරීමේ ක්‍රමවේදය සකසා ප්‍රතිපත්තියක් ලෙස 2019 වසරේ සිට ක්‍රියාත්මක වන බවයි. එකී ප්‍රතිපත්තියේ වෙනසක් කරනතුරු වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගන්නා විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එකී කාබන් බද්ද සෑම වාහනයක වෙනුවෙන් ම ගෙවිය යුතුව ඇති බව ද ඇය සඳහන් කළාය.
 
“නියෝග ක්‍රියාත්මක කරන්න නිලධාරීන් බැඳිලා ඉන්නවා. මේ සම්බන්‍ධයෙන් තීන්දු තීරණ ගන්න නිලධාරී මට්ටමෙන් අපිට බෑ. මේක අයවැය යෝජනාවක්. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ යෝජනාවක්” ඇය කීවාය.



අදහස් (1)

පාසල් සිසුන් ප්‍රවාහනය කරන්නන් කාබන් බද්දෙන් අමාරුවේ

ජයසිරි බෝතැන්න Tuesday, 19 February 2019 01:56 AM

සංගමයේ ගරු සභාපතිතුමා ඇතුලු විධායක සභාව දිවයිනේ සියලුම පාසල් ලමුන් ප්‍රවාහකයන් වෙනුවෙන් ගන්නා උත්සාහයට අපගේ ප්‍රණාමය. රාජ්‍ය නියාමන පිලිවෙතක් යටතේ මෙම සේවාව කඩිනමින් ක්‍රියාවට නැන්වීමට රට කරවන බලධාරීන්ගේ අවධානය මෙයින් යොමු කරවනු කැමැත්තෙමු. එමගින් ස්ථාවර, ක්‍රමවත් හා සහනදායී අයවැයක් සහිත සේවාවකින් දෙපාර්ශවයටම සෙත සැලසෙතැයි අපේක්ශා කරමු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site