වව්නතිව්හි රාජකාරියේ යෙදී සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් කොස්තාපල් කනේෂ් දිනේෂ් මහතාගේ වැඩිමහල් සහෝදරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රජයේ පුස්තකාල සහායක පත්වීමක් පිරිනැමුවේය.
අද (15) පෙරවරුවේ දෙහිඅත්තකණ්ඩිය, නුවරගල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති මහවැලි ඉඩම් ඔප්පු ප්‍රදානය සහ මහවැලි ගොවි අභිෂේකයේ ත්‍යාග සහ සහිතක පත්‍ර ප්‍රදානය වෙනුවෙන් පැවති උත්සවයේ දී මෙම පත්වීම් ප්‍රදානය සිදුවිය.
වව්නතිව්හි දී ඝාතනයට ලක් වූ ඉන්දික ප්‍රසන්න පොලිස් නිලධාරියාගේ පවුලේ සුබසාධනය වෙනුවෙන් ද ජනාධිපතිතුමා විසින් මීට පෙර කටයුතු කරන ලදී.
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වව්නතිව්හි ඝාතනය වූ කොස්තාපල්ගේ සහෝදරියට පුස්තකාල සහයක පත්වීමක්