IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අලියා පහර දීමට පැමිණි විට දිවගොස් දිවි බේරාගනී

(රෝවන් පෙරේරා පුත්තලම)
 
පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂිත ප්‍රදේශයේදී ඇත් ප්‍රහාරයට ලක්වූ පුද්ගලයකු ආසන්නයේ පිහිටි විශේෂ කාර්‍ය බලකා කඳවුර අසලට දිව ගොස් දිවි බේරා ගෙන ඇති බව පොලීසිය කියයි.

පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී අද (16) මාර්ගය හරහා ගමන් කරමින් සිටි ඇතකු, ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට මෙලෙස පහරදී ඇත.

යතුරු පැදියේ ගමන් ගත් තබ්බෝව පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අනතුරට ලක්වී තිබේ.

පහර කෑමට ලක්වූ යතුරු පැදි කරු අසල පිහිටි විශේෂ කාර්ය බලකා කඳවුර වෙත දිවගොස් ඇති අතර ආසන්නයේ රථ වාහන රාජකාරියේ යෙදී පුත්තලම කොට්ඨාශ රථවාහන නිලධාරීන් දෙදෙනකු වහාම ක්‍රියාත්මක වී යතුරු පැදියේ නාල හඬ නාද කරමින් එම ස්ථානයට ඒමත් සමග ඇතා කැලයට ගිය බව කියයි.

රථ වාහන නිලධාරින්ගේ දැනුම් දීම මත පුත්තලම වනජීවී පාලන ඒකකයේ නිලධාරින් ක්ෂණිකවම එම ස්ථානයට පැමිණ ඇති අතර ඒ වනවිට අලියා කැලයට ගොස් ඇති බව වන ජීවී නිලධාරීහු පැවසූහ. පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් අනතුරට පත්ව  සුලු තුවාල ලබා සිටි පුද්ගලයාට උපස්ථාන කර පිටත්කර යැවීමට කටයුතු කර ඇත.

වනජීවී නිලධාරින් සහා රථ වාහන නිලධාරින් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලි ගැවසෙන ප්‍රදේශයක් හෙයින් පරික්ෂා කාරීව මාර්ගයේ ගමන් ගන්නා ලෙසයි.



අදහස් (0)

අලියා පහර දීමට පැමිණි විට දිවගොස් දිවි බේරාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site