(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අත්තනගල්ල හග්ගල්ල ප‍්‍රදේශයේ කොප්පරා මැස්සක අද (21) ඇතිවූ හදිසි ගින්නකින් එම කොප්පරා මැස්ස සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
මෙම කොප්පරා මැස්ස පවත්වාගෙන යන නිවසේ පදිංචිකරුවන් ගිනි දල්වා කිසියම් අවශ්‍යතාවයකට පිටතට ගොස් ඇති අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. පොල් මැස්ස ගිනිගෙන ඇති බවට අයිතිකරුවන්ට දැන ගන්නට ලැබීමෙන් පසු පැමිණෙන අවස්ථාව වනවිට ගින්න පැතිර යමින් තිබූ ඇතැයිද පොලිසිය කියයි.
ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා දමනු ලැබීය. මේ වනවිට පොල් මැස්සේ වහලය සම්පූර්ණයෙන්ම විනාශවී තිබිණී. ගින්න හට ගැනීමට හේතුව අනාවරණය වී නැති අතර කොප්පරා ගිනි ගැනීමෙන් හා ගොඩනැගිල්ලට සිදුවූ පාඩුව විශාල බව පොලිසිය ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ දවස්වල අර කොප්පර කොප්පර පිපීඤ්ඤා කිය කිය රවුම් ගහන අත්තනගල්ලෙ ලොකු නෝනගෙ මැස්ස වත්ද පිච්චුනෙ.