IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිවාස 35කින් දේපළ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
දෙහිවල ධර්මපාල මාවතේදී හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු රඳවා ගැනීමේ නියෝග මත කළ ප්‍රශ්න කිරීමේදී ඔහු නිවාස 35කින් රුපියල් 3,500,000ක් වටිනා දේපළ ද සොරකම් කර ඇතැයි අනාවරණය වූ බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
 
පොලිස් බාරයට ගත් එම දේපළ අතර රන් භාණ්ඩ, විදුලි උපකරණ, ලැප්ටොප් පරිගණක, ටැබ් යන්ත්‍ර, ගෑස් කුකර්, ත්‍රී රෝද රථ බැටරි ආදිය වන බවද පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
ගල්කිස්ස, දෙහිවල, පිළියන්දල, පානදුර, මහරගම, පාදුක්ක, රාගම සහ ගම්පහ යන පොලිස් වසම්වල නිවාසවලින් මොහු මෙම භාණ්ඩ සොරකම් කර ඇතැයි හෙළි වී තිබේ.
 
සැකකරු ඉකුත් 14 වැනිදා අත්අඩංගුවට ගත් අතර අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබා කළ ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
 
සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නිවාස 35කින් දේපළ සොරකම් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site