(එච්.එච් ධර්මපාල)
ගල්කිස්ස ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ලක්ෂ තිස්පහකට ආසන්න දේපල හා මුදල් සොරකම් කළ බවට සිදුකළ පාපොච්චාරණයක් ඔස්සේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ලක්ෂ විසි පහකට ආසන්න මුදල් සහ දේපල සොයා ගැනීමට හැකි වූ බව මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකය පැවැසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බව එම ඒකකය පැවැසීය.
සෝදිසි මෙහෙයුමේදී විදුලි උපකරණ, රන් භාණ්ඩ , පාපැදී , ත්‍රී රෝද රථ අමතර කොටස් ,ජංගම දුරකථන , ලැප්ටොල්,ගෑස් සිලින්ඩර් සහ මුද්‍රා නොකැඩූ තීන්ත බාල්දී ඇතුළු භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මෙම පුද්ගලයා ගල්කිස්ස , රත්මලාන , දෙහිවල , මහරගම , පිළියන්දල, පාදුක්ක , පානදුර ගෙවල් බිඳුම් රාශියක් සිදුකර ඇති බවත් රාගම , ගම්පහ ප්‍රදේශයේ ගෙවල් සහ ව්‍යාපාරික ස්ථාන තිස් පහකට ආසන්න ප්‍රමාණයක් බිඳ සොරාගත් භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවැසීය.
නිවෙස් වලින් සොරාගත් භාණ්ඩ දෙහිවල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අලෙවි කර තිබියදී සොයාගත් බව පොලිසිය කීය.

2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් ලක්ෂ 35 ක හොරකමක පාපොච්චාරණයක්