ජයරන්ත වික්‍රමආරච්චි
පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව කන්දඋඩ දී අද(20) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ තිදරු පියෙකු මිය ගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි.
සාලියවැව කන්දඋඩ පදිංචි යතුරුපැදි කාර්මිකයෙකු වන සමන් සංජීව හෙට්ටිආරච්චි(35) නමැති පුද්ගලයා මෙම අනතුරින් මියගොස් ඇති පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයා සිය නිවස ඉදිරිපිට මාර්ගයට සමීපව යතුරුපැදියක දෝෂයක් පරීක්ෂාවට ලක්කරමින් සිටියදී අනුරාධපුර දෙසින් පැමිණි බව කියන කුඩා ලොරියක් ඔහුගේ ඇඟේ වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අදාළ ලොරිය හා එහි රියැදුරු සැකපිට අත් අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd