මසුන් ඇල්ලීමට ගිය ධීවර කාර්මිකයෙක් දියේ ගිලී මරුට අද (08) පස්වරුවේ රත්ගම කළපුවේ මසුන් ඇල්ලිමට ගිය ධිවර කාර්මිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලිමෙන් මියගොස් ඇති අතර අනික් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් බේරාගෙන ඇති බව රත්ගම මහහැගොඩ හදිසි මරණ පරික්ෂ බි.එම් ඒ සාගරිකා නිල්මිණි මහත්මිය පැවසුවාය. 08 April 2020
අලුගොල්ල රක්ෂිතයේ ගින්නක් බදුල්ල අලුගොල්ල කන්දේ ඇති වු ගින්නක් මේ වන විට සීඝ්රයෙන් පැතිරි යන බව ප්‍රදේශවාසීහු පවසති. 08 April 2020
ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධනයට ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 08 April 2020
ගාල්ල ධීවර වරායේ යාත්‍රා දෙකක ගින්නක් ගාල්ල ධීවර වරායේ අලුත් වැඩියා කටයුතු සඳහා ගොඩ බිම නවතා තිබූ ධීවර යාත්‍රා දෙකක අද ඇති වූ ගින්නකින් එම යාත්‍රා දෙකටම හානි සිදු වී ඇතැයි ධීවර වරාය නීතිගත සංස්ථාව කළමනාකරු නිරංජන් දිසානායක මහතා පැවසීය. 08 April 2020
රත්මල්යායේ - පාලවියේ නිවාස 20 ක පිරිස් ස්වයං නිරෝධායනයට පුත්තලම රත්මල්යාය ප්‍රදේශයෙන් සහ පාලවිය ප්‍රදේශයෙන් ඊයේ (07) කොරෝනා වයිරසය ආසාදනය වූ දෙදෙනෙකු සොයා ගැනීමත් සමඟ අද (08) එම ප්‍රදේශ වල නිවාස 20 පිරිස් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බව පුතත්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය. 08 April 2020
මධ්‍යම පළාතේ කලාකරුවන්ට - කර්මාන්ත ශිල්පීන්ට - සහන සලසන්න පියවර මධ්‍යම පළාත තුළ කොරෝනා වයිරසය නීසා පීඩාවට පත්ව සිටින පාරම්පරික හස්ත කර්මාන්ත ශිල්පීන්ට , අත්යන්ත්‍ර පේෂකර්මාන්ත ශිල්පීන්ට, කලා ශිල්පීන්ට සහන සැලසීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පියවර ගනු ලැබ තිබේ. 08 April 2020
ගම්පහ, මිරිස්වත්ත පවුලක් ස්වයං නිරෝධායනයට කටුනායක ගුවන් තොටුපලේ පිරිසිදු කරන්නියක ලෙස කටයුතු කළ තැනැත්තියක් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් පසුවන බව සොයා ගැනීමෙන් පසුව ගුවන් තොටුපොල ආපන ශාලාවෙහි සේවය කරන ගම්පහ, මිරිස්වත්ත පදිංචි 26 හැවිරිදි තැනැත්තියක්ද ස්වයං නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇත. 08 April 2020
ගුරුකන්ද විහාරයේ දායකයකුගේ මරණය ගැන සැකයක් මුලතිව් ගුරුකන්ද රජමහා විහාරයේ සිටි දායකයෙකු හදීසියේ මරණයට පත්විම සැකසහිත බවට ඥාතීහු පවසති. 08 April 2020
ලොරියකට ලබා දී තිබූ බලපත්‍රය ත්‍රිරෝද රියක ගසාගෙන අකුරණට ඇවිත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ලොරි රථයක් සඳහා ලබා දී තිබූ බලපත්‍රයක් ත්‍රීරෝද රථයක ව්‍යාජ ලෙස සවි කර ගෙන අකුරණ නගරයට පැමිණි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත්බව අලවතුගොඩ පොලිසිය පැවසීය. 08 April 2020
ඇඳිරිනිතීය පැවතුනද දකුණේ ආයුර්වේද මධ්‍යස්ථාන විවෘතයි ඇඳිරි නීතිය පැවතුණද දකුණු පළාතේ සියලුම ආයුර්වේද රෝහල් සහ ඖෂධ නිෂ්පාදනාගරය විවෘතව තබා ඇතැයි දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් සි.එල්.ගුරුගේ මහතා පවසයි. 08 April 2020
නවනැලියට එළවළු බෙදන්න ආ ලොරියට පහර දීලා මහනුවර නවනැලිය ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය එළවළු ලබාදීම සඳහා එලවලු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකට හා ඒ ආසන්නයේ සිටි කාන්තාවකට ප්‍රදේශවාසින් විසින් අද(7) පහර දීමක් සිදුකර ඇතැයි ගලගෙදර පොලිසිය පවසයි. 07 April 2020
තැපැල් ස්ථානාධිපතිට පහර දුන් 3 දෙනෙක් අත්අඩංගුවට කටුවන රුක්මල් පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට යතුරු පැදියකින් පැමිණ පහර දුන් පුද්ගලයින් තිදෙනා අද රාත්‍රී 7.00 ට පමණ දංගල කන්ද ප්‍රදේශයේ දී කටුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 07 April 2020
ඇඳිරිය අස්සේ සුදු කෙළියේ යෙදුණු තරුණයෝ 3 ක් අල්ලති ඇඳිරිනීතිය පවත්නා අවස්ථාවේ මුදලට කන්දකැටිය බුබුල ප්‍රදේශයේ අතුරු මාර්ගයක මුදලට සූදු කෙළින ලද බව කියන තරුණයින් තිදෙනකු අද (07) සවස සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 07 April 2020
‘හදිසියේ මිය ගිය නාවුල කාන්තාවට කොරෝනා නැහැ’ නාඋල - පිළිහුඩුගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිට හදිසි රෝගාතුර වීමකින් ඊයේ (06) දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කළ කාන්තාවට කොරෝනා ආසාදිත තත්ත්වයක් නොමැති බව දඹුල්ල මහ රෝහල තහවුරු කර තිබේ. 07 April 2020
උප තැපැල් ස්ථානාධිපතිට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ කටුවන දංගලකන්දේ ආබාධිත පුද්ගලයෙකුට ආධාර ලබා දීමට ගිය කටුවන රුක්මල් පිටිය උපතැපැල් ස්ථානාධිපතිට පහර දුන් පුද්ගලයින් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ ඇති බව කටුවන පොලීසිය පවසයි. 07 April 2020
රිය අනතුරකට ලක්වූ අයෙකුගේ සිරුරක් වලස්මුල්ලෙන් හමුවෙයි වලස්මුල්ල ,බෝවල, වැවුවත්ත - දෙනිය අතුරු මාර්ගයේදී රිය අනතුරකට ලක්වීමෙන් මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගේ සිරුරක් අද (07) හමු වූ බව වලස්මුල්ල පොලිසිය පැවසීය. 07 April 2020
ගෝන මස් කිලෝ 50 ක් සමඟ 3 ක් අත් අඩංගුවට ගෝන මස් කිලෝ 50 ක් මාදුරුඔය ජලාශය හරහා ඔරුවකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (07) අත් අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති. 07 April 2020
දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙන් දුරකතන අංක දෙකක් දකුණු පළාතේ සමස්ථ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සහ ඔවුන්ට අවශ්‍ය උපදෙස් සම්බධිකරණය කරගැනීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සම්බන්ධිකරණ ඒකකයක් පිහිටුවා ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි. 07 April 2020
කුරුණෑගල නගර සභාවෙන් විෂබීජහරණ කුටි පරිත්‍යාගයක් කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට පුද්ගලයන් විෂබීජහරණය කිරීම සඳහා නිර්මාණය කළ විෂබීජ හරණ කුටි දෙකක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මෙහෙයවීමෙන් අද කුරුණෑගල මූලස්ථාන පොලීසියට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරිණි. 07 April 2020
ඇඳිරිය නොතකා බ්ලොක් ගල් ප්‍රවාහනය කළ දෙදෙනෙක් අල්ලති ඇඳිරි නීතිය නොතකා සිමෙන්ති ගල් 300ක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල වෑ එළිය හංදියේදී අද (7) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 07 April 2020
සුදුවැල්ල වසා දමන්නැයි ඉල්ලයි: 568 ක් ස්වයං නිරෝධනයට ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදනයට ලක්වු පුද්ගලයන් සහ විදෙස් රටවලින් පැමිණ සිටින පුද්ගලයන් සහ ඔවුන් ඇසුරු කළ හා ඔවුන්ගේ නිවෙස් අසල ජීවත්වු පුද්ගලයින් 568 දෙනෙකුට තම නිවෙස් වලම නිරෝධායනයට ලක්කිරිමට කටයුතු කර ඇති බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.ඒ.ඩි.එන්.ජයකොඩි මහතා පැවසීය. 07 April 2020
මත්කුඩු සමග හමුදා භටයෙක් අත්අඩංගුවට සගයෙකු සමග මත්කුඩු ජාවාරමක නිරතවු හමුදා භටයෙකු අද(07) කුබිච්චන්කුලම වැව ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 07 April 2020
වලස්මුල්ලේ කාණුවක තිබී මළ සිරුරක් සොයාගනී වලස්මුල්ල බෝවල ප්‍රදේශයේ මාර්ගයක් අයිනේ කාණුවක තිබී කුලීකම්කරුවකුගේ සිරුරක් අද(7) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය කියයි. 07 April 2020
බෝපේ පොද්දල පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩකන්ද ප්‍රදේශයේ පවුල් 18ක් ස්වයං නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලසන්ත උබේසේකර මහතා පවසයි. 07 April 2020
රාවණාඇල්ල අභයභූමියේ ගෝනෙකු මැරූ දෙදෙනෙකු දැලේ ඇඳිරිනීතිය පැවතිය දී රාවණාඇල්ල අභයභූමියට අවසරයෙන් ඇතුලත් ව දැවැන්ත ගෝනෙකු මරා මස් කළ බව කියන ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව රාවණා ඇල්ල වනසත්ව අඩවි ආරක්ෂක ඩී. එම්. වයි.අයි. බණ්ඩාර මහතා අද (6) පැවසීය. 06 April 2020
ඇඳිරිය අස්සේ වැලි ජාවාරමක් වටලයි පල්ලම පොලිස් වසමට අයත් අඩම්මන ප්‍රදේශයේ ඇදිරි නීතිය කාලයේ රතඹලා ඔයේ මහා පරිමාණ ලෙස වැලි ගොඩ දමමින් සිටි ජාවාරම්කරුවෙකු හා වැලි ප්‍රවාහනය සදහා සූදානම් කළ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසිය සමත්විය. 06 April 2020
ඇඳිරිනීතිය නොතකා වෙළදාම් කළ දෙදෙනක් අත්අඩංගුවට ඇදිරිනීතිය පවතින අවස්ථාවේදී ඇල්පිටිය නගරයේ වසා තිබෙන වෙළදසලක් හොර රහසේ විවෘත කර වෙළදාමේ යෙදුණ ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඇල්පිටිය පොලිසිය විසින් අද (06) අත් අඩංගුවට ගෙන ඇත. 06 April 2020
කොරෝනාවෙන් පීඩාවට පත් නුවරඑලියේ ජනතාවට රුපියල් 5000 ක දීමනාවක් කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානම හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සහ පීඩාවට පත් පුද්ගලයින් සඳහා රුපියල් 5000 බැගින් වූ දීමනාවක් ලබාදෙන බව ප්‍රජා සවිබල ගැන්වීමේ සහ 0වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය 06 April 2020
ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේදී සුරියවැව නගරයට එන්න අවසර පත්‍රයක් අධික ලෙස ජනතාව නගරයට ඇදී ඒම වැළැක්විම සඳහා විශේෂ අවසර පත්‍රයක් හඳුන්වා දිමට සුරියවැව කොරෝනා කමිටුව තීරණය කල බව සුරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්ද මහතා අද (06) පැවසීය. 06 April 2020
නාවලපිටිය රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාගයක් කොවිඩ් - 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ නාවලපිටිය මහ රෝහලේ වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම අද (06) සිදු කෙරිණි. 06 April 2020
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026