IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


කොරෝනාවෙන් පීඩාවට පත් නුවරඑලියේ ජනතාවට රුපියල් 5000 ක දීමනාවක්

(රංජිත් රාජපක්ෂ)        

කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානම හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ රැකියා විරහිත සහ පීඩාවට පත් පුද්ගලයින් සඳහා රුපියල් 5000 බැගින් වූ දීමනාවක් ලබාදෙන බව ප්‍රජා සවිබල ගැන්වීමේ සහ 0වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසීය

වතුකරයේ ජනතාවට මෙන්ම නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය සමඟ අද (06) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේබව කීය.

සෞභග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන වතුකරයේ මුඩු ඉඩම් වල ව්‍යාප්ත කිරීම සඳහා මුඩු ඉඩම් වතු අධිකාරීවරුන් හරහා හදුනාගෙන එම ඉඩම් වතුකරයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ලබා දී බිජ ඇට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවෙන් නොමිලේ ලබා දී වතුකරය පුරා සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන දියත් කරන බව ප්‍රජා සවිබල ගැන්වීමේ සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඩි.පි.ජි.කුමාරසිරි මහතා පැවසීය.

වතු කම්කරුවෙකුට මසකට රුපියල් 9000 ක් වටිනා වියළි සලාක මල්ලක් ලබා දීමට කටයුතු කර ඇති බවත් දින 10 කට රුපියල් 3000 ක වියළි සලාක මල්ලක් බැගින් මසකට වියළි සලාක මලු තුනක් ලබා දීමට රජය කටයුතු කර ඇති බවද හෙතෙම පැවසීය.

රජයෙන් සහ වතු සමාගමෙන් ඒ සඳහා මූලික ප්‍රතිපාදන ලබාදෙන බවත් වියළි සලාක මලු වල වටිනාකම වතු කම්කරුවන්ගෙන් වාරික තුනකින් යළි අය කරගැනීමට කටයුතු කරන බව අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමෙන් පීඩාවට පත් සහ රැකියා විරහිත අයහට රුපියල් 5000 දීමනාව හෙට (07) සිට ග්‍රාමසේවා නිලධාරීවරයා හරහා ගෙවීමට කටයුතු කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

එම මුදල ලබා ගැනීමට වතුකරයේ පීඩාවට පත් පුද්ගලයින් අසු අටදහසක් හදුනාගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

වතුකරයේ ජනතාවට වියළි සලාක මලු ලබා දීම සම්බන්ධයෙන් සමුපකාර සමිති , සතොස ශාඛා සහ සමෘද්ධි කාර්යාල වල ප්‍රමාණවත් තරම් තොග රැස්කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

කොරෝනාවෙන් පීඩාවට පත් නුවරඑලියේ ජනතාවට රුපියල් 5000 ක දීමනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 809 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2456 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site