( පුෂ්පකුමාර ජයරත්න )
කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් වළක්වා ගැනීමට පුද්ගලයන් විෂබීජහරණය කිරීම සඳහා නිර්මාණය කළ විෂබීජ හරණ කුටි දෙකක් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මෙහෙයවීමෙන් අද කුරුණෑගල මූලස්ථාන පොලීසියට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලට පරිත්‍යාග කෙරිණි.
නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාගේ මහතාගේ ඉල්ලීමකට අනුව දොඩම්ගස්ලන්ද , පොල්ගහවෙල සහ ඉබ්බාගමුව පදිංචි චන්දිම වීරසිංහ , දර්ශන තෙවරප්පෙරුම සහ සංඛ සචිත් යන තරුණයන් තිදෙනා එක්ව මෙම විෂබීජ හරණ කුටි නිර්මාණය කර තිබේ .
මෙම එක් විෂබීජහරණ කුටියක් නිපදවීම සඳහා රුපියල් ලක්ෂ තුනක පමණ මුදලක් වැයවී තිබෙන අතර නගරාධිපති විතාරණ මහතා ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර දී තිබේ .
කුරුණෑගල මූලස්ථාන පොලීසිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල නිරන්තරයෙන්ම දිනපතා විශාල පිරිසක් ගැවසෙන ස්ථානයක් වන අතර එහි සේවය කරන පොලිස් නිලධාරීන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් මෙම කුටි නිපදවා පරිත්‍යාග කිරීමට අදහස් කළ බව නගරාධිපති විතාරණ මහතා පැවසීය .
මෙවැනිම කුටියක් කුරුණෑගල නගර සභාවේද ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය .
කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙත විෂබීජ හරණ කුටිය පරිත්‍යාග කළ අවස්ථාවට වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා සමග කුරුණෑගල මහා නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් මෙන්ම විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගි වූහ .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කුරුණෑගල නගර සභාවෙන් විෂබීජහරණ කුටි පරිත්‍යාගයක්