IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


තැපැල් ස්ථානාධිපතිට පහර දුන් 3 දෙනෙක් අත්අඩංගුවට

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කටුවන රුක්මල් පිටිය තැපැල්  ස්ථානාධිපතිවරයාට යතුරු පැදියකින් පැමිණ පහර දුන්  පුද්ගලයින් තිදෙනා අද රාත්‍රී 7.00 ට පමණ  දංගල කන්ද ප්‍රදේශයේ දී කටුවන පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.

පහර කෑමට ලක්වූ තැපැල් ස්ථානාධිපතිවරයා දංගල කන්ද ප්‍රදේශයේ පදිංචි ආබාධිත පුද්ගලයකුට ආබාධිත මුදල් ගෙවීම සඳහා ඔහුගේ නිවස අසලට ගොස් නිවස ඉදිරිපිට මාර්ගයේ යතුරුපැදිය නවතා තිබූ අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා ස්ථානාධිපතිවරයාට පහරදී ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇත .

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 26, 27, 28 වයස් සීමාවල පසුවන අතර අද රාත්‍රී වලස්මුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය .

 පාර කෑමට ලක් වූ  ස්ථානාධිපතිවරයා මේ වන විට කටුවන  රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

(ඡායාරූප  - චන්ද්‍රසේන ගමගේ)

 

 



අදහස් (4)

තැපැල් ස්ථානාධිපතිට පහර දුන් 3 දෙනෙක් අත්අඩංගුවට

Raveendra Tuesday, 07 April 2020 04:39 PM

මෙම අවදානම් අවස්ථාවේ රජයේ නිලධාරීන්ගේ සේවයට බාධා ඇතිකළ මෙම තිරිසනුන්ට ඉදිරියේදී යහපත් සෞඛ්‍ය තත්වයෙන් ජීවිතය ගෙනයාමට ඉඩදීම සුදුසුද නැද්ද? ඕනෑම කෙනෙකුට වැටහෙන බැවින් මෙම කාලකනින්න්ට වේදනාකාරී ජිවිත ගතකිරීමට කටයුතු සැලැස්වීම සමාජයට කරන පිනකි.

:       17       167

Anton austriaTuesday, 07 April 2020 06:17 PM

අනිවාර්යෙන්ම මේ මිනිස්සු මහපොළවට බරක්. පොලිස් පති තුමනි දැන් ඇති ඉවසුවා . මෙහෙම කරන්න බෑ . දැන්වත් අත් පය කඩන්න හොඳට.

:       0       1

sarath kuru Tuesday, 07 April 2020 05:19 PM

උපරිම දඬුවම් ලබාදෙන්න ...

:       18       132

sapumal Tuesday, 07 April 2020 06:40 PM

ඕනෑම දෙයක දෙපැත්තක් ඇත. මෙහි තියෙන්නේ එක පැත්තක් ගැන විතරය. කතාව සම්පුර්ණයෙන් දන්නේ නැතුව ප්‍රතිචාර දක්වන්න එපා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site