(ක.ග.කරුණාරත්න)
ගෝන මස් කිලෝ 50 ක් මාදුරුඔය ජලාශය හරහා ඔරුවකින් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අද (07) අත් අඩංගුවට ගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු කියති.
වනෝද්‍යානයේ සූරිය පොකුණ ජලාශය කොටසේදී මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වන සතුන් දඩයම්කර මුදලට මස් විකිණීමේ ජාවාරමක නිරතවන පිරිසක් බවත් විමර්ශන වලදී හෙළි වූ බව ඒ නිලධාරීහු පැවැසූහ.
වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අඩවි ආරක්‍ෂක නිලධාරී ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා ඇතුලූ මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කොටසේ වනජීවී නිලධාරීහු කණ්ඩායමක් විසින් මේ වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගනුලැබූ ගෝන මස් තොගය සමඟ සැකකරුවන් අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෝන මස් කිලෝ 50 ක් සමඟ 3 ක් අත් අඩංගුවට