(ඩී.ජි.සුගතපාල)
ඇදිරිනීතිය පවතින අවස්ථාවේදී ඇල්පිටිය නගරයේ වසා තිබෙන වෙළදසලක් හොර රහසේ විවෘත කර වෙළදාමේ යෙදුණ ගිය පුද්ගලයින් දෙදෙනෙකු ඇල්පිටිය පොලිසිය විසින් අද (06) අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මරදාන අරාබි පාර පදිංචි පුද්ගලයෙක් සහ බේරුවල මරදාන ගොරකදූව පදිංචිකරුවෙකි.
ඇඳිරි නීතිය බල පැවැත්වෙන බේරුවල ප්‍රදේශයේ සිට ඇඳිරි නීතිය නොතකා වෙනත් මාර්ගවලින් ඇල්පිටිය නගරයට පැමිණ වෙළඳ සල විවෘත කරගෙන වෙළඳාම් කරගෙන යමින් සිටියදී මහජන පරික්ෂකවරුන් සමග පැමිණි පොලිස් නිලධාරින් වෙළඳ සල වසාදමා රෝග බෝවිම වැළැක්විමට ක්‍රියා නොකිරිමේ චෝදනාව යටතේ ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත.
ඔවුන් දෙදෙනාට එරෙහිව ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට නියමිත බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd