සමන් පාලිත නානායක්කාර
ඇඳිරි නීතිය නොතකා සිමෙන්ති ගල් 300ක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු හල්දුම්මුල්ල වෑ එළිය හංදියේදී අද (7) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්දුම්මුල්ල ඕක්වේල් සහ කිරවනාගම පදිංචි අවුරුදු 39 හා 65 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
බ්ලොග් ගල් සහිත ලොරිය සමඟ සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.
හල්දුම්මුල්ල පොලීසියේ උප උපපොලිස් පරීක්ෂක ඩබ්ලිව්. පී. එම්. ඒ. පී. විජේකෝන් මහතාගේ මූලිකත්වයෙන් නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ .
COMMENTS