(දිලීප් ජයසේකර)
අධික ලෙස ජනතාව නගරයට ඇදී ඒම වැළැක්විම සඳහා විශේෂ අවසර පත්‍රයක් හඳුන්වා දිමට සුරියවැව කොරෝනා කමිටුව තීරණය කල බව සුරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක එරන්ද මහතා අද (06) පැවසීය.
ඒ අනුව එක් පවුලක් සදහා නම් කරනු ලබන එක් පුද්ගලයෙකු වෙත මෙම විශේෂ අවසර පත්‍රය නිකුත් කිරීමට පියවර ගත් බවත් එම අවසර පත්‍රය ප්‍රදේශයේ ග්‍රාම සේවා නිළධාරි මගින් අද (06) දිනයේදී ජනතාව වෙත නිකුත් කිරීම සිදු කල බවත් සභාපති වරයා පැවසීය.
අධික ලෙස හා අනවශ්‍ය ලෙස පවුලේ තුන් හතර දෙනා නිකරුනේ නගරයට ඇදී ඒම වළක්වා ගැනීමටත්,නගරයේ කඩ වලට හා සතොස ඉදිරිපිට අනවශ්‍ය ලෙස පවුලේ දෙතුන් දෙනා පෝලිම් වල රැදී සිටීම වැළැක්වීම සදහාත් මෙම පියවර ගත් බවයි සභාපති වරයා පැවසුවේ.
ඒ අනුව රට තුළ ඇති වි ඇති මෙම අයහපත් සෞඛ්‍ය තත්වය පහව යන තුරු අද (06) නිකුත් කෙරුණු මෙම අවසර පත්‍රය හිමි පුද්ගලයාට පමණක් නගරයට යාමට අවසර ලබා දීමට කටයුතු කරන බවයි සභාපති වරයා පැසුවේ.මේ සියළු තින්දු තීරණ ජනතාවගේම යහපත හා ආරක්ෂාව පිණිස ලබාදුන් තීන්දු තීරණ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේදී සුරියවැව නගරයට එන්න අවසර පත්‍රයක්