IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඇඳිරිය අස්සේ වැලි ජාවාරමක් වටලයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

පල්ලම පොලිස් වසමට අයත් අඩම්මන ප්‍රදේශයේ ඇදිරි නීතිය කාලයේ රතඹලා ඔයේ මහා පරිමාණ ලෙස වැලි ගොඩ දමමින් සිටි ජාවාරම්කරුවෙකු හා වැලි ප්‍රවාහනය සදහා සූදානම් කළ ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමට පල්ලම පොලීසිය සමත්විය.

පල්ලම පොලිසියේ විශේෂ කාර්යංශයේ සේවය කරන පොලිස් සැරයන් 61577 පී.එම්.සී.බණ්ඩාර යන අයට ලැබූ තොරතුරක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට යන විටත් වැලි ජාවාරම්කරුවන් වැලි ගොඩ දමමින් සිටි අතර එම අවස්ථාවේ එහි සිටි සේවකයින් හතර දෙනෙකු පලාගොස් ඇති අතර ප්‍රධාන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු අඩම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කාලයක් තිස්සේ සැකකරු මෙම ජාවාරම පවත්වා ගොස් ඇති අතර ඇදිරි නීතිය ක්‍රියාත්මක සමයේ සිය ලොරි රථයෙන් වැලි රැගෙන ගොස් සිය පදිංචි ඉඩමේ එක්රැස් කොට ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු වැලි විකිණීමට සැලසුම් කර ඇති බව මූලික විමර්ශන වල දී අනාවරණය වී තිබේ.

වැලි ගොඩ දැමීමට උපයෝගී කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව පල්ලම පොලිසිය පවසයි.


 



අදහස් (0)

ඇඳිරිය අස්සේ වැලි ජාවාරමක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11137 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site