තිස්ස කොටින්කඩුව
ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදනයට ලක්වු පුද්ගලයන් සහ විදෙස් රටවලින් පැමිණ සිටින පුද්ගලයන් සහ ඔවුන් ඇසුරු කළ හා ඔවුන්ගේ නිවෙස් අසල ජීවත්වු පුද්ගලයින් 568 දෙනෙකුට තම නිවෙස් වලම නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර ඇති බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.ඒ.ඩි.එන්.ජයකොඩි මහතා පැවසීය.
ජාඇල නගර සභා කොටිඨාසයේ මෙිවන විට 216 වු වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා කදාන,ඒකල,බටගම,නිවන්දම,දඩුගම,සහ හපුගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිඨාස වලින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තම නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පැවසිය.
මෙි අතර ඊයේ(6) සවස ජාඇල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි දිපා පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්විමකදි ජාඇල නගරාධිපති ශමිමික ඩයස් මහතා පවසා සිටියේ සති තුනක් තුළ කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු නගර සිමාවෙන් සොයා ගැනිමෙන් පෙනි යන්නේ කොරෝනා වයිරසය ඉදිරියේ ජාඇල ජනතාව දැඩි අවදානමකට පත්ව ඇති බවයි.
නගරයේ පවතින වත්මන් තත්ත්වය කල්පනා කර ඉකුත් දින (5) කොරෝනා ආසාදිතයෙකු හමුවු සුදුවැල්ල වැනි පෙදෙස් වසා දමා සමිපුර්ණයෙන් හුදකලා කළ යුතව ඇති බව තමා ජාතික කොවිඩි 19 සමිබන්ධිකරණ කමිටුවෙන් ඉල්ලා සිටින බව පැවසිය පැවසිය.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුදුවැල්ල වසා දමන්නැයි ඉල්ලයි: 568 ක් ස්වයං නිරෝධනයට
anula Tuesday, 07 April 2020 10:39 AM
මේ මිනිස්සුන්ට මොන භාෂාවෙන් කියන්නද.? අනිත් මිනිස්සුන්ටත් කරදරේ