ගැබිනි මව්වරුන්ගෙන් සියයට පනහක් රක්තහීනතාවයෙන්-මන්දපෝෂණයෙන් පෙළෙනවා‘ මෙරට ගැබිනි මව්වරුන් ගෙන 50% රක්ත හීනතාවයෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙතැයි සෞඛ්‍ය අංශයේ දත්තවලින් හෙළි වී ඇතැයි අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානය කියයි. 30 September 2018
පාර හදන්නැයි බගවන්තලාවේ උද්ඝෝෂණයක් බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් රාණිකාඩු වතු යායට පිවිසෙන ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා වතු කම්කරුන් ,පෞද්ගලික බස් රථ රියදුරන් හා ත්‍රිරෝද රථ රියදුරන් ඇතුළු පිරිසක් අද (30) උද්ඝෝෂණයක නිරත වුහ. 30 September 2018
උළු කර්මාන්තය අනතුරේ රජයේ වැරදි තීරණ හේතුවෙන් උළු කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිමේ අවදානමකට ලක්ව ඇති බව වෙන්නප්පුව උළු කර්මාන්ත කරුවන්ගේ සමූපකාර සංගමයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජික නීල් රණවක මහතා පැවැසිය. 30 September 2018
වැස්සෙන් බඳුලු ඔයේ ජල මට්ටම ඉහළට බදුල්ල දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාවත් සමඟ බදුලු ඔයේ ජල මට්ටම වැඩිවීමට පටන්ගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 30 September 2018
කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කැඩු තිදෙනෙක් අත්අඩංගුවට ගෙවල් බිඳ දේපල සොරා ගැනීම් රැසකට මෙන්ම දුම්රියේ හා මාර්ගවල ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැදී රන් මාල කොල්ලකෑමෙන් අපරාධ නවයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු රාගම 30 September 2018
ලෝක ළමා -වැඩිහිටි දිනයන් හෙට සැමරේ ‘ දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සහය දෙන්න ‘යන තේමාවෙන් මෙවර ලෝක ළමා දිනය සැමරීමට නියමිතය. 30 September 2018
උතුරු-නැ‘හිර කජු වගා කළ ඉඩම් යළි වගාවට ලබා දෙන්නැයි ඉල්ලීමක් උතුරු නැගෙනහිර කජු වගා කෙරුණු ඉඩම් අක්කර 10,000 ක් මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින බවත් මේ ඉඩම් කජු වගා කිරීම සඳහා නැවතත් බාර දෙන්නැයි ශ්‍රී ලංකා කජු සංස්ථාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 30 September 2018
ආවා කල්ලි පහරදීමකින් පුද්ගලයෙක්ට තුවාල යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආවා කල්ලිය යාපනය මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා ඇති බව යාපනය මානිප්පායි පොලිසිය පවසයි. 30 September 2018
මන්නාරම් මඩු කැලේ දී හක්කපටස් බෝම්බයට බිළි වු අලියා මරුට මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේ දී හක්කපටස් බෝම්බයකට ගොදුරුව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බවට මන්නාරම් වනජීවි නිලධරයෝ පවසති. 30 September 2018
කොළඹ ප්රකාශනය 2018 එළිදකී මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්රකාශනයේ 2018 සශෝධනය අත්සන් කිරීම, පිළිගැනීම සහ එළිදැක්වීම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී අද (30) සිදු කෙරේ. 30 September 2018
ප්‍රාදේශිය මාධ්‍යවේදී ආදර්ශ ගම්මානයට වව්නියාවේදී මුල්ගල් තබයි සැමට සෙවන ආදර්ශ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් වෙනුවෙන් ලබාදෙනු ලබන නිවාස ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය ගම්මානයට වව්නියාව දිස්ත්‍රික්කයේදී ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීය. 30 September 2018
පෞද්ගලික ඉඩමකින් ජීව අත්බෝම්බයක් හමුවේ හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී හමුවූ ජීව අත්බෝම්බයක් අද (29) සවස පස්සර විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක්‍රීය කළ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි. 29 September 2018
මනුෂ්‍ය ඝාතනයකට සැකපිට සිව්දෙනෙක් රිමාන්ඩ් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, කුමන්ත්‍රණය කිරීම, අනුබල දීම සහ සැකකරුවන්ට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණවා සිටි පුද්ගලයන් සිව්දෙනෙකු ඔක්තෝබර් 10වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කරණ ලෙස මතුගම වැඩබලන මහෙස්ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා අද (29) දින නියෝග කළේය. 29 September 2018
‘සුව සැරිය‘ ගිලන් රථ සේවය උතුරු මැද පළාතටත් ඉන්දියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලබාදුන් ’’1990-සුව සැරිය’’ ගිලන් රථ සේවයේ ගිලන් රථ 21ක් උතුරු මැද පළාත සදහා බෙදා දීම අනුරාධපුර යොවුන් නිකේතනයේ දී අද(29) දින සිදු කෙරිණි. 29 September 2018
ප්ලාස්ටික් කර්මාන්ත ශාලාව ඉවත් කරන්නැයි ගම්වාසීන්ගෙන් විරෝධතා මීගමුව කට්ටුව ප්‍රදේශයේ පිහිටි ප්ලාස්ටික් කර්මාන්තශාලාවක් එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීහු අද 29 උදෑසන විරෝධතාවයක නිරතවූහ. ප්‍රදේශයේ වැසියන් විශාල පිරිසක් ඊට සහභාගී විය. 29 September 2018
ප්‍රථම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගම්මානයට වව්නියාවේදී මුල්ගල තබයි රජය විසින් ලබාදෙනු ලබන සැමට සෙවන ආදර්ශ නිවාස ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ලබාදෙනු ලබන නිවාස ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය ගම්මානයෙ වව්නියාව දිස්ත්‍රීක්කයේදී අද (29) දින ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීය. 29 September 2018
තේ දළු නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයක් නිසා වතු කම්කරුවන් 20දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි. 29 September 2018
වනඅලියෙකු පහරදීමෙන් කාන්තාවක මරුට වැලිකන්ද, කාලිංගවිලප්රදේශයේදී අද (29) වනඅලියෙකු පහරදීමෙන් කාන්තාවක මරුමුවටපත්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 29 September 2018
මුරුංගාවලට නිසි වෙළඳපල මිලක් නැතැයි ගොවීන්ගෙන් මැසිවිලි මුරුංගා වගාවට නියඟය ආශීර්වාදයකි. එසේ නියගයේ ආශීර්වාදයෙන් මෙවර කරුවලගස්වැව ප්‍රදේශයේ දෙමුහුන් මුරුංගා වගාව වෙනදාටත් වඩා සරු වී ඇත. නමුත් ගැටලුව වී ඇත්තේ මේ දිනවල මුරුංගාවලට නිසි වෙළඳපල මිලක් නැතිවීමය. සමහර දිනවල වෙළඳුන් මුරංගා කීයටවත් මිලදී ගන්නේ නැති බවත් මිලදී ගන්නා දිනවල ද එය කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 20ක පමණ මිලකට බවත් ගොවීහු පවසති. 29 September 2018
නිවස ගිනිතබා පැනගිය දෙදරු පියා අත්අඩංගුවට හිනිදුම විරපාන ප්‍රදේශයේ නිවසක් ප්රෙට්රල් දමා ගිණි තබා අලාභහානිකර සැඟවී සිටි දෙදරු පියෙකු වසර 10කට පමණ පසු අත්අඩංගුවට ගත් බැව් ගාලුකොටුවේ පිහිටි නීතිය බල ගැන්විමේ ඒකකය පවසයි. 29 September 2018
පොලිස් නිලධරයන් අනතුරට ලක්කළ තරුණයාට ඇප අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරක්ෂාව සපයමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජගිරියේදී යතුරුපැදියක හැපීමෙන් බරපතල තුවාල සිදු කළැයි අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා අලුත්කඩේ අංක 7 රථ වාහන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 28 September 2018
මාතලේ සුපිරි වෙළඳ සංකිර්ණය ජලයෙන් යටවෙයි මාතලේ නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් සුපිරි වෙළඳ සංකිර්ණය ආසන්නයේ පිහිටා ඇති කාණු පද්ධතිය උතුරා යෑම නිසා සුපිරි වෙළඳ සංකිර්ණයේ බිම් මහලේ පිහිටි වෙළඳසැල් අද (28) සම්පුර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි. 28 September 2018
වැලිවිටිය ප්‍රා.සභාවේ සභාපති සහ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (28) පැවැති සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්වෙන අතරතුර වැලිවිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක නිරතවූහ. 28 September 2018
හල්දුම්මුල්ලේ නිවසකින් ජිව අත්බෝම්බයක් හල්දුම්මුල්ල හරංකහව ගල්කන්දෙඅරාව ප්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබී අද (28) ජීව අත්බෝම්බයක් සොයා ගෙන ඇතැයි හල්දුම්මල්ල පොලීසිය පවසයි. 28 September 2018
මූල්‍ය වංචාවක් කළැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරිනය රිමාන්ඩ් පනස් එක් වතාවක් පරිගණක දත්ත වෙනස් කර ආදායම් බලපත් වලින් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් හොරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනියුක්තව සේවය කළ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරිනිය ලබන 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 28 September 2018
තියුණු ආයුධයකින් මිතුරාට පහරදුන් දෙන්නෙක් අත්අඩංගුවට මීගහතැන්න මැල්ලමූකලාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු නීතිඥයෙකු මගින් බාරවීමෙන් පසු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 September 2018
මුදල් පසුම්බිය අතුරුදන් වුණ බවට කොස්තාපල්වරයෙක්ගෙන් පැමිණිල්ලක් නාරාහේන්පිට පැවති පොලිස් ජල ක්‍රීඩා සංකීර්ණයේදී රුපියල් දොළොස් දහසක් සහිත තම මුදල් පසුම්බිය කිසියම් අයකු සොරාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකුගෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නාරාහේන්පිට පොලීසිය කියයි. 28 September 2018
‘ෆේස්බුක් වලට ඡායාරූප යවන්න කලින් සිතන්න ඕනෑ’ අන්තර්ජාලයට හා ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවලට ඡායාරූප හා තොරතුරු යැවීමට පෙර එම තීරණය උචිත ද අනුචිත ද යන්න පිළිබඳව කිහිප විටක් කල්පනා කළ යුතු බව අධිකරණ මනෝ වෛද්‍ය හා ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී තාරක ප්‍රනාන්දු මහතා පවසයි. 28 September 2018
කොග්ගලට දියකඩනයක් ඉල්ලා ධීවරයෝ වීදී බසිති කොග්ගල වෙරළ ආශ්‍රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ පහසුව සඳහා කොග්ගලට දියකඩනයක් ලබා දෙන ලෙස ඉල්ලා ධීවරයින් විශාල පිරිසක් අද (28) කොග්ගලදී ගාල්ල මාතර මහා මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ. 28 September 2018
ලක්ෂ 5 ක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කඩවත-ගෝනහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමත්වූහ. 28 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026