(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගහතැන්න මැල්ලමූකලාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා බරපතල තුවාල සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු නීතිඥයෙකු මගින් බාරවීමෙන් පසු අද (28) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බරපතල තුවාල ලද පුද්ගලයා මහකලුපහන ලිහිනියාව පදිංචි 28 හැවිරිදි අයෙකි. ඊයේ (27) රාත්‍රියේදී මෙම පහරදීම සිදු වී තිබිණි.
එම පුද්ගලයා නිවසේ සිටියදී එහි පැමිණි සැකකරුවන් දෙදෙනා ඉතා සුක්ෂමව ඔහු නිවසින් පිටතට කැඳවාගෙන ගොස් ඔහුගේ මුහුණට හා ගෙලට මන්නයකින් පහර දී තිබූ බව පොලිසිය කියයි.
පැරණි ආරවුලක් මුල් කරගෙන මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd