(හැටන් රංජිත් රාජපක්ෂ)
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයක් නිසා වතු කම්කරුවන් 20 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට මෙම බඹර ප්‍රහාරය එල්ල වි ඇත.
බඹර ප්‍රහාරය එල්ල විමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් නව දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු බගවන්තලාව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර , ඉන් වතු කම්කරු කාන්තාවන් තිදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව බගවන්තලාව රෝහලේ වෛද්‍යවරයෙකු කීය.
තේ පඳුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පෑගීමෙන් පසු බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවක් පැවසුවාය.
බඹර ප්‍රහාරය පිලිබදව බගවන්තලාව පොලිසිය පරීක්ෂණ පවත්වයි.





2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේ දළු නෙලමින් සිටි වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක්