හර්ෂණ තුෂාර සිල්වා
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයේ 2018 සශෝධනය අත්සන් කිරීම, පිළිගැනීම සහ එළිදැක්වීම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී අද (30) සිදු කෙරේ.
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවට සමගාමීව කොළඹ ප්‍රකාශනයේ 2018 සශෝධනය අත්සන් කිරීම, පිළිගැනීම සහ එළිදැක්වීම සිදු කෙරේ.
මෙහිදි විශේෂ නියෝජිතයකුගේ වාර්තාවක් ඉදිරිපත් කෙරෙන අතර කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ටෝබි මෙන්ඩෙල් මහතා කොළඹ ප්‍රකාශනයේ 2018 කෙටුම්පතේ මූලික කරුණු පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කිරීමට නියමිතය.
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය මුල්ම වරට ඉදිරිපත් කරනු ලැබුවේ 1998 වසරේදීය.
එම ප්‍රකාශනය එළිදක්වා වසර 10ක් පිරීම නිමිත්තෙන් 2008 වසරේදී සංශෝධනය කර නැවත වරක් අත්සන් කිරීම, පිළිගැනීම සහ එළිදැක්වීම සිදු කෙරුණි.
ඒ අනුව 2008 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය ( ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය), නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශයන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා කර්තෘ සංසදය ඊට අත්සන් තැබීය.
එම පාර්ශවකරුවන් සංශෝධිත කොළඹ ප්‍රකාශනයට (කොළඹ ප්‍රකාශනය 2018) අද අත්සන් තැබීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ප්‍රකාශනය 2018 එළිදකී