IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිවස ගිනිතබා පැනගිය දෙදරු පියා අත්අඩංගුවට

 (යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)

හිනිදුම විරපාන ප්‍රදේශයේ නිවසක් ප්‍රෙට්‍රල් දමා ගිණි තබා අලාභහානිකර සැඟවී සිටි දෙදරු පියෙකු  වසර 10කට පමණ පසු අත්අඩංගුවට ගත් බැව් ගාලුකොටුවේ පිහිටි නීතිය බල ගැන්විමේ ඒකකය පවසයි.

 මොහු බිරිදත් සමග ඇතිවු ආරවුලිකින් පසු බිරිදට අයත් නිවස  ප්‍රෙට්‍රල් දමා ගිණි තබා ඇති බැව් පොලිසිය පවසයි.. ඒකල නිවසට ගිණි තැබිම නිසා වි ඇති අලාභය රුපියල් 3.51000ක් බව ද පොලිසිය පවසයි 2008 වර්ෂයේ නිවසට ගිණි තබා මොහු  කොළඹට පලාගොස් ඇත. එහි වසර දෙකක්පමණ සැගවි සිට  දෙවතාවක් විදේශතව වි ඇතිබවද  පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.


පසුව මොහු යලි පිටබැද්දර ප්‍රදේශයට පැමිණ  නිවසක් මිලදිගෙන වෙනත් කාන්තාවක් සමග එහි පදිංචිව සිට ඇති බවද පොලිසිය කියයි. නීතිය බලගැන්විමේ ඒකකයට ලැබුණු තොරතුරකට අනුව  මොහු  විරපාන ප්‍ර දේශයේ දි අත්අඩංගුවට ගෙන නිතිමය කටයුතු සදහා   හිනිදුම පොලිසියට භාරදි ඇත.


ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකොන් මහතාගේ අධික්ෂණය යටතේ පොලිස් පරික්ෂක අංජුක මහතාගේ උපදෙස් මත නිතිය බලගැන්විමේ ඒකකයේ ස්ථානාධිපති උ.පො.ප.කේ. කේ එස්  පාලිත, පො සැ 29031 මෙන්ඩිස් , පො සැ 7964 චන්ද්‍ර සේන,, පො කො 58508 ප්‍රේමසිරි, පො.කො 60658 මදුසංක,60965 ලලිත්, පො.සැ.රි 89790 බණ්ඩාර යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය

 



අදහස් (0)

නිවස ගිනිතබා පැනගිය දෙදරු පියා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site