(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
මුරුංගා වගාවට නියඟය ආශීර්වාදයකි. එසේ නියගයේ ආශීර්වාදයෙන් මෙවර කරුවලගස්වැව ප්‍රදේශයේ දෙමුහුන් මුරුංගා වගාව වෙනදාටත් වඩා සරු වී ඇත. නමුත් ගැටලුව වී ඇත්තේ මේ දිනවල මුරුංගාවලට නිසි වෙළඳපල මිලක් නැතිවීමය. සමහර දිනවල වෙළඳුන් මුරංගා කීයටවත් මිලදී ගන්නේ නැති බවත් මිලදී ගන්නා දිනවල ද එය කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 20ක පමණ මිලකට බවත් ගොවීහු පවසති.
මේ හේතුව නිසා බොහෝ ගෙවතුවල මුරුංගා පලදාව ගස්වල තිබෙන්නට ඉඩහැර ඇති අයුරු දැකගත හැකි විය.
දෙමුහුන් වර්ගයේ මෙම මුරංගා පලදාවේ බරට හා සුළගට එම ගස් හෝ අතු කඩා වැටීම ද සුලභ වී ඇත. මුරුංගා බොහෝ විට තනි වගාවක් වශයෙන් නොව ගෙවතු තුළ ගහක් දෙකක් හෝ ගස් කිහිපයක් පමණක් වගා කරයි. එම ගස් කිහිපයෙන් වුවද වගාකරුවන්ට අමතර ආදයමක් ලැබෙයි. නමුත් මෙවර එම තත්වය නැති නිසා මුරුංගා ඇති අය නැති අය වෙත වෙනදාටත් වඩා නොමිලයේ බෙදා දෙන අවස්ථා ද එසේ නොමැති නම් ඇති තරම් කඩාගෙන යන්න කියන අවස්ථා ද ඕනෑ තරම් ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ කටාර් වල .මෙහෙ මුරුංග කිලෝ එකක් ලංකාවේ මුදලින් 400-450 අතර වෙනවා. අපනයන කිරීමේ වේදයක් හොයා බලන්න පුළුවන් නම් මරේ මාරු.