IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුරුංගාවලට නිසි වෙළඳපල මිලක් නැතැයි ගොවීන්ගෙන් මැසිවිලි

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)


මුරුංගා වගාවට නියඟය ආශීර්වාදයකි. එසේ නියගයේ ආශීර්වාදයෙන් මෙවර කරුවලගස්වැව ප්‍රදේශයේ  දෙමුහුන් මුරුංගා වගාව වෙනදාටත් වඩා සරු වී ඇත. නමුත් ගැටලුව වී ඇත්තේ මේ දිනවල මුරුංගාවලට නිසි වෙළඳපල මිලක් නැතිවීමය. සමහර දිනවල වෙළඳුන් මුරංගා කීයටවත් මිලදී ගන්නේ නැති බවත් මිලදී ගන්නා දිනවල ද එය කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 20ක පමණ මිලකට බවත් ගොවීහු පවසති.


මේ හේතුව නිසා බොහෝ ගෙවතුවල මුරුංගා පලදාව ගස්වල තිබෙන්නට ඉඩහැර ඇති අයුරු දැකගත හැකි විය.

දෙමුහුන් වර්ගයේ මෙම මුරංගා පලදාවේ බරට හා සුළගට එම ගස් හෝ අතු කඩා වැටීම ද සුලභ වී ඇත. මුරුංගා බොහෝ විට තනි වගාවක් වශයෙන් නොව ගෙවතු තුළ ගහක් දෙකක් හෝ ගස් කිහිපයක් පමණක් වගා කරයි. එම ගස් කිහිපයෙන් වුවද වගාකරුවන්ට අමතර ආදයමක් ලැබෙයි. නමුත් මෙවර එම තත්වය නැති නිසා  මුරුංගා ඇති අය නැති අය වෙත වෙනදාටත් වඩා නොමිලයේ බෙදා දෙන අවස්ථා ද  එසේ නොමැති නම් ඇති තරම් කඩාගෙන යන්න කියන අවස්ථා ද ඕනෑ තරම් ඇත.

 



අදහස් (1)

මුරුංගාවලට නිසි වෙළඳපල මිලක් නැතැයි ගොවීන්ගෙන් මැසිවිලි

NASEER Saturday, 29 September 2018 09:33 AM

මම ඉන්නේ කටාර් වල .මෙහෙ මුරුංග කිලෝ එකක් ලංකාවේ මුදලින් 400-450 අතර වෙනවා. අපනයන කිරීමේ වේදයක් හොයා බලන්න පුළුවන් නම් මරේ මාරු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site