(විනීතා එම් ගමගේ)
‘ දිරියෙන් පෙරමුණට යන්න ළමා කැළට සහය දෙන්න ‘යන තේමාවෙන් මෙවර ලෝක ළමා දිනය සැමරීමට නියමිතය.
හෙටට (01) යෙදෙන ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ ජාතික උත්සවය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ ප‍්‍රධානත්වයෙන් හෙට (01) පෙරවරු 9 ට අරලිය ගහ මන්දිරයේ දී ආරම්භවේ.
දරුවන් 2000 කට අධික පිරිසක් මෙම සමරු උළෙලට සහභාගි වන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශය කියයි.
මේ අතර ජාත්‍යන්තර වැඩිහිටි දිනයද හෙටට (01) යෙදී තිබේ. මෙවර ලෝක වැඩිහිටි දින තේමාව ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය තෝරා ගෙන ඇත්තේ මානව අයිතින් දිනාගත් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ඨයින් අභිමානයෙන් සමරමු යන්නයි.
මෙම තේමාව අනුව යමින් 2018 ජාතික වැඩිහිටි දින වැඩ සටහන දෙටුවර අභිමන් නමින් කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා වැඩිහිටියන් 3000 කගේ සහභාගිත්වයෙන් අම්පාර එච් එම් වීරසිංහ ක‍්‍රීඩාංගනයේ දී අද (01) සවස 3 ට ආරම්භ කිරීමට නියමිතය.
සමාජ සුභ සාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ එම නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා ගේ සහභාගිත්වයෙන් මෙම ජාතික දින වැඩසටහන පැවැත්වීමට නියමිතය.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වැඩිහිටියන් සේ සැළකේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව වැඩිහිටියන් විසිපන්ලක්ෂයකට වැඩි පිරිසක් මෙරට වෙසෙති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝක ළමා -වැඩිහිටි දිනයන් හෙට සැමරේ