මුදල් ඔට්ටුවට බූරු ගැසූ 9 කට දඩ මුදල් ඔට්ටුවට තබා බුරුවා ගැසු මව සහ දියණිය ඇතුළු කාන්තාවන් තිදෙනෙකු ඇතුළු නවදෙනෙකුට දැඩි ලෙස අවවාද කර දඩ ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා අද (2) නියෝග කළේය. 02 October 2018
රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ හිටපු සම්බන්ධිකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ රජයේ ප්‍රබල ඇමති වරයකුගේ හිටපු සම්බන්ධිකරණ ලේකම් වරයෙකු අද (02) බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර කිරීමට මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. 02 October 2018
පිහියකින් ඇන කාන්තාවක් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට පැමිණිල්ලක් විභාග කිරීමේ කටයුත්තකට මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ ආපසු යමින් සිටි 22 හැවිරිදි විවාහක කාන්තාවකට පොලීසිය අසල පාරේදී පිහියකින් ඇන තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මාතර පොලීසිය පවසයි. 02 October 2018
පිහියකින් ඇන කාන්තාවක් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට පැමිණිල්ලක් විභාග කිරීමේ කටයුත්තකට මාතර මූලස්ථාන පොලීසිය වෙත පැමිණ ආපසු යමින් සිටි 22 හැවිරිදි විවාහක කාන්තාවකට පොලීසිය අසල පාරේදී පිහියකින් ඇන තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මාතර පොලීසිය පවසයි. 02 October 2018
මැලේරියා රෝගීන් 35 ක් ගත වු මාස කීපයේ හමුවෙයි මෙම වසරේ ගතවූ මාස නවයක කාලය තුළ මැලේරියා රෝගීන් 35දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවද ඔවුන් සියලුම දෙනා විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවද මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. 02 October 2018
කුරුදුමලෙයි පුරා විද්‍යා නඩුව කල් යයි මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, කුරුදුමලෙයි පුරාවිද්‍යා ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට යාමේදී ඇති වු ගැටළුව මුල් කරමින් හට ගත් ආරවුල සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගත් අවස්ථාවේදී එය 22 වැනිදා දක්වා කල් තැබීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා නියෝග කළේය. 02 October 2018
කෙනෙර ඝාතනය කළ ධීවරයෙක් අත්අඩංගුවට හබරණ පුවක්පිටිය ප්‍රදේශයේ දී විදුලි සැර වද්දවා කෙනෙරක ඝාතනය කළ බව කියන සැකකරුවකු ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (2) අත්අඩංගුවට ගෙන තිබේ. 02 October 2018
කුඹල් කර්මාන්තයේ ගැටළු වලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක කුඹල් කර්මාන්තයේ නිරත වීමේදී ඇති වී තිබෙන ගැටළු වලට විසදුම් ඉල්ලා අද(02) වීරකැටිය - මිද්දෙණිය ප්‍රධාන මාර්ගය යක්ගස්මුල්ල හන්දියේදී අසලදී අවහිර කරමින් කුඹල්කරුවෝ විරෝධතාවයේ නිරත වූහ. 02 October 2018
මුලතිව් වැවකින් මළ සිරුරක් හමුවෙයි මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කනාකාම්බිකයි වැවේ තිබී මළ සිරුරක් හමු වූ බව කිලිනොච්චිය පෙලීසිය කියයි. 02 October 2018
ගින්නකින් නිවසක් මුළුමනින්ම අලුවෙයි අහංගම මීගහගොඩ ප්‍රදේශයේ නිවසක් හදිසියේ ඇතිවූ ගින්නකින් නිවස සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 02 October 2018
දක්ෂිණ අධිවේගීයේ එළවළු ලොරියක් පෙරැළි දෙදෙනෙකුට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 22 කලුතර උතුර ප්‍රදේශයේදී එළවළු තොගයක් රැගෙන යමින් තිබූ ලොරියක් උඩුකුරුව පෙරළීමෙන් රියදුරු ඇතුළු දෙදෙනෙක් තුවාල ලැබූහ. 02 October 2018
යතුරුපැදියක ගැටී පුද්ගලයෙක් මරුට කොළඹ - අවිස්සාවේල්ල පරණ පාරේ කඩුවෙල වැලිවිට රක්ගහවත්ත පටුමග අසලදී මාර්ගය හරහා මාරු වෙමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා මාලබේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (02) දින අලුයම මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 02 October 2018
රිවෝල්වරයක්-තුවක්කුවක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට නීති විරෝධි ලෙස මෙරට නිශ්පාධිත රිවෝල්වරයක් සහ බෝර 12 තුවක්කුවක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කරන්දෙණිය මණ්ඩකන්දේදී ඇල්පිටිය නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 02 October 2018
ඉන්ෆ්ලුවන්සා මරණවලට කරාපිටියේ ඉඩ මදිකමත් බලපෑවා - මහාචාර්ය අමරසේන දකුණු පළාතේ පැතිරගිය ඉන්ෆ්ලුවන්සා වසංගත තත්ත්වය හේතුවෙන් මියගිය කුඩා දරුවන් හය දෙනකුගේ මරණවලට කරාපිටිය රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රමාණවත් ඉඩක් නොමැතිවීම ද හේතුවක් වූ බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි. 01 October 2018
ඉඹුලේතැන්න වත්තේ වැටුප් මංකොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ් මහනුවර උඩුවෙල ඉඹුලේතැන්න වත්තේ කම්කරුවන්ට පඩි ගෙවීමට ගෙන ගිය රුපියල් තුන්ලක්ෂ පනස්හයදහස් හයසිය දහයක මුදලක් මංකොල්ල කෑ කොල්ලකරුවන් දෙදෙනකු කොළඹ හා වාද්දුව ප්‍රදේශයේ සැඟවී සිටියදී තලාතුඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අද (01) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි. 01 October 2018
මාතර-බෙලිඅත්ත දුම්රියමග ඉදිකරන සමාගම අසාදුලේඛන ගත කරන්නලු මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නියුතු චීන සමාගම අසාධුලේඛන ගත කරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇත. 01 October 2018
මෝටර් රථයේ හැපී පාසල් සිසුවා මරුට මහියංගනය ආඳාඋල්පත ප්‍රදේශයේදී අද (01) හවස පාසල් සිසුවෙකු මෝටර් රථයක හැපී මිය ගොස් ඇතයි පොලීසිය පවසයි. 01 October 2018
වෙඩි වැදී සිටි වල් අලියෙක් රක්ෂිත කැලයකින් හමුවෙයි පාදයකට වෙඩි වැදුණු වල් අලියෙක් හම්බන්තොට ගොන්නොරුව පන්වැව ප්‍රදේශයේ රක්ෂිත කැළයේ අසාධ්‍ය තත්ත්වයෙන් සිටිය දී හමුවු බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිළධාරී ජේ.ඒ.පි විජයකුමාර මහතා කීය. 01 October 2018
බන්ධනාගාර තුනක සඟවා තිබු දුරකථන ඇතුළු උපාංග 100 ක් සොයා ගනී වැලිකඩ , කොළඹ රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාර ත්‍රිත්වයේ එකවර සිදුකරන ලද හදිසි සෝදිසි මෙහෙයුමකදී සිරකුටිවල සඟවා තිබී ජංගම දුරකථන ඇතුළු උපාංග සියයකට අධික ප්‍රමාණයක් බන්ධනාගාර නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 01 October 2018
බස් - යතුරුපැදි අනතුරකින් ටෙලි නාට්‍ය අධ්යක්ෂකවරයෙක්ට තුවාල හෝමාගම පිටිපන දී බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු වේදිකා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයකු වන එස්.අයි.සමරක්කොඩි (36) මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව හෝමාගම පොලිසිය පවසයි. 01 October 2018
සරසවි සිසුවෙක් දුම්රියේ කාර්මික දෝෂය හැදීම ගැන විමර්ශන වාර්තාවක් කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් පැවැති අංක 4022 දරණ වායුසමනය කරන ලද නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ කාර්මික දෝෂය විශ්ව විද්‍යාල සිසුවකු විසින් සකස් කරනු ලැබුවේ යැයි කියන සිදුවීම ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමර්ශන වාර්තාවක් සකස් කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 01 October 2018
ඒ - 9 මඟේ අනතුරකින් මුවෙක් මරුට යාපනය - නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව වෙහෙරගම ප්‍රදේශයේ දී වාහනයක ගැටී මිය මුවකුගේ මළ සිරුරක් අද (1) සොයා ගත් බව වවුනියාව වනජීවි නිලධාරීන් පවසයි. 01 October 2018
පාසල් දරුවන්ට පෝෂණිය ආහාරවේලක් ලබා දෙන්නයි ලිපියක් පාසල් දරුවන්ට පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් ලබාදීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයට බලකරන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ලෝක ළමා දිනය යෙදුණු අද (1) එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට ලිපියක් යොමු කර ඇත. 01 October 2018
ලක්ෂ 15 ක හොරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට තොටළඟ නාගලම් වීදීයේදී රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ‘ගයාන් සම්පත්‘ නොහොත් චුටියා යන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි. 01 October 2018
වැටුප වැඩිකරන්නැයි නල්ලතන්නිය වතු කම්කරුවෝ පාරට බසිති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩිකරන ලෙස පාලකයින්ට බල කරමින් අද (01) පෙරවරු 09.00 ට පමණ නල්ලතන්නිය, මරේ තේවතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් නිරත වූහ. 01 October 2018
මහවිරු දිනය සමරන්න කිලිනොච්චියේ මහවිරු සොහොන සුදානම් කරයි යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි. 01 October 2018
රිටිගල රක්ෂිතයේ වන විනාශයක් කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අයත් මොලගොඩ ගලෙන්බිඳුනුවැව දිවුල්වැව ප්‍රදේශයේ හුරුළු රක්ෂිතයේ සහ රිටිගල වන සංරක්ෂණ අධි රක්ෂිත ප්‍රදේශයේ මේ දිනවල මහා පරිමාණ වන විනාශයක් සිදුවෙමින් පවතී. 01 October 2018
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උපවාසයක් මෙරට සියලු බන්ධනාගාර තුළ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සියලුදෙනා නිදහස් කළ යුතු බවට ඉල්ලීම් කරමින් දෙමළ දේශපාලන නියෝජිතයින් හා දේශපාලන සිරකරුවන්ගේ ඥාතීහු පිරිසක් අද (01) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස උපවාසයක නිරත වුහ. 01 October 2018
අවමඟුලක ආරවුලෙන් අයෙක් මරුට හපුතලේ මුරුතහින්න ප්‍රදේශයේ අවමඟුලකදී අද (1) අලුයම දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදී පුද්ගලයකු මිය ගොස් ඇතැයි හපුතලේ පොලිසිය කියයි. 01 October 2018
තරුණයෙක්ට පහරදුන් ‘ආවා‘කල්ලියේ තිදෙනෙකු අත්අඩංගුවට යාපනය කෝපායි ප්‍රදේශයේදී තරුණයකු පසු පස තියුණු ආයුධ වලින් පහර දීමට පැමිණි ‘ආවා‘ යැයි සැක කෙරෙන කල්ලියක තිදෙනෙකු අද (30) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බවට කෝපායි පොලීසිය පවසයි. 30 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026