තෙල්මිල වැඩිවිමට එරෙහිව උද්ඝෝෂණයක තෙල්මිල වැඩිවීමට, මුහුදු තීරයේ විදේශීය පෞද්ගලික නැව් වලට මසුන් ඇල්ලීමට ඉඩදීම හා අයිස් මිල වැඩිවිමට එරෙහිව ධිවරයන් පිරිසක් අද (8) තෝප්පුව මංසන්ධියේ දී උද්ඝෝෂණයක නිරතවිය. 08 October 2018
ජනපති ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා බෙලිඅත්තේ විරෝධතාවයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්රමන්ත්රණයට විරෝධය දක්වමින් අද (8) බෙලිඅත්ත නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි. 08 October 2018
කරන්දෙනිය ප්‍රා. සභා මන්ත්‍රීවරු කළු පටි බැඳ විරෝධයක කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ රැස්වීමට සහභාගී වීමට ආරාධනා නොලද කරන්දෙනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් එයට විරෝධය දක්වමින් වේදිකාව ඉදිරිපිට බිම වාඩිවී විරෝධය පළ කළහ. 08 October 2018
අයිස් මිල අඩුකරන්නැයි ඉල්ලා ධීවරයෝ පාරට බසිති ඉන්ධන සහනාධාරය ලබාදෙන ලෙසත් අයිස් මිල අඩු කරන ලෙසත් ඉල්ලා ගාල්ල ධීවර වරාය ඉදිරිපිට ධිවරයෝ පිරිසක් අද (08) උද්ඝෝෂණයක් පැවැත්වුහ. 08 October 2018
නිදන් හාරන්න ගිය තිදෙනෙක් අත්අඩංගුවට පන්නල යක්විල - මාදිල්ගොමුව ප්‍රදේශයේ පිහිටි පොල්වත්තක නළ ළිඳක් ඉදිකරන මුවාවෙන් පොලවේ දික් අතට හාරා නිදන් සොයමින් සිටියදී තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 08 October 2018
මහ වැස්සෙන් මොරටුවේ නිවාස 926 ක් ආපදාවට මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ජල ගැල්මෙන් මොරටුවේ ආපදාවට පත් වු නිවාස සංඛ්‍යාව 926 දක්වා ඉහළ ගොස් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව මොරටුව ප්‍රාදේශීය ලේකම් නිමාලි කරුණාරත්න මහත්මිය පවසයි. 07 October 2018
රජයේ පාසල්වල අධ්‍යාපනය ඉතා විශිෂ්ට බව විභාග ප්‍රතිඵලවලින් පැහැදිලියි රජයේ පාසල්වල අධ්‍යාපනය නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති මත ක්‍රියාත්මකව, ඉතා විශිෂ්ට තත්ත්වයක පවතින බවත් විභාග ප්‍රතිඵලවලින් එය මනාව පැහැදිලි වන බවත්, ඒ සඳහා කැපවී ක්‍රියා කරන සමස්ත ගුරුවරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 07 October 2018
ලක්ෂ ගණනක වටිනා තේක්ක දැව සමඟ අයෙක් අල්ලයි මහියංගන ප්‍රදේශයේ සිට බදුල්ල නගරයට බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ ගණනක් වටිනා තේක්ක දැව තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (7) බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිද මැඩිතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි බදුල්ල පොලීසිය පවසයි. 07 October 2018
ගෝනපල ගම්වැසියෝ විරෝධයක පවුල් පන්සියයකට ආසන්න ජනතාවක් ජීවත්වන ගෝනපල ඔළබොඩුව කන්ද අක්කර 7 නමැති ඉඩමක රජය මගින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කරමින් පවතින බව පවසා එයට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (7) විරෝධතාවයක් පැවැත්වුහ. 07 October 2018
නාය ගිය ස්ථාන ගම්මු සුද්ධ පවිත්‍ර කරති ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ (6) සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව මාපලගම ඇහැලකන්ද මාර්ගයේ ස්ථාන කීපයක්ම නායයාමට ලක්වී ගමනාගමනයට බාධා පැමිණ ඇති බව පොලිසිය පවසයි. 07 October 2018
වගා ළිඳකට වැටුණු අලි පැටියෙක් සොයා ගනී මවගෙන් වෙන්වුණු මාස හයක් පමණ වයසැති අලි පැටවකු වවුනියාව බෝගස්වැව නාමල්ගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටියදී සොයා ගත් බව වවුනියාව වනජීවි කාර්යාලය පවසයි. 07 October 2018
විදුලි සැර වැදී වන අලියෙකු මරුට අම්පාර උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ගම්මානයේ දි විදුලි සැර වැදිමෙන් වන අලියෙකු මියගොස් තිබේ . 06 October 2018
කල් ඉකුත් වූ කිරි ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට කල් ඉකුත් වූ පණුවන් ගැසූ කිරි හට්ටිවල නරක් වූ උඩ කොටස ඉවත්කර ඒ වෙනුවට නැවුම් කිරි යොදා නව ලේබල් ගසා කිරි ජාවාරමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු කිරි හට්ටි අනූ නමයක් සමග ඒවා ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් අද (06) කොටවිල වැව ආසන්නයේ දී කොටවිල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සහ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් එක්ව අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 October 2018
ඝාතන කුමන්ත්‍රණය රටට හෙළි කරන්නැයි උද්ඝෝෂණයක් වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් වරයා ඝාතනය කුමන්තුණයේ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වරකාපොළ නගරයේ උද්ඝෝෂණය කරමින් පරික්ෂණ කටයුතු කඩිනමින් කරණ ලෙස ඉල්ලා වරකාපොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති වරයා වෙත සංදේශයක් බාර දීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී වරුන් ගේ සහභාගිත්තවයෙන් පැවැත්විය. 06 October 2018
අලියෙකු පහර දීමෙන් තිදරු මවක් මරුට අරලගංවිල වෙහෙරගම දේවගල ප්‍රදේශයේදී අද (06) දහවල් 1.00 ට පමණ වන අලියෙකු පහර දීමෙන් 50 හැවිරිදි තිදරු මවක මරුමුවට පත්වී ඇතැයි අරලගංවිල පොලිසිය කියයි. 06 October 2018
මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 6 දෙනෙකු අත්අඩංගුවට මත්ද්‍රව්‍ය රැගෙන අද (06) නුවරඑලිය සංචාරයේ පැමිණි තරුණයන් 6 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පැවසිය. 06 October 2018
ත්‍රි රෝද අනතුරින් තිදෙනෙකුට තුවාල තලවකැලේ- ග්‍රෙස්වෙස්ටන් වතු මාර්ගයේ ග්‍රෙස්වෙස්ටන් තේ කර්මාන්ත ශාලාව අසල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථ දෙකක් මුහුණට මුහුණ වැදීමෙන් අද (06) දහවල් සිදු වු අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි. 06 October 2018
කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට නිවාස දෙකක් හා ටයර් අලෙවිකරණ වෙළද සැළක් බිඳ රුපියල් ලක්ෂ 05කට ආසන්න රන් භාණ්ඩ, මුදල් හා දේපල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ කොල්ලකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බැව් උඩුගම පොලීසිය පවසයි. 06 October 2018
කුරුඳු සොරකමට සැකපිට 4 ක් අත්අඩංගුවට නාගොඩ තල්ගස්වලවත්තේ ගබඩාවේ තිබූ රුපියල් 1,25,400ක් වටිනා කුරුඳු තොගයක් සොරකම් කිරිමේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙකු සොරකම් කරණු ලැබු කුරුඳු තොගය සමග අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි. 06 October 2018
කඩුගන්නාවේ ගසක් කඩා වැටී අයෙක් මරුට : දෙදෙනෙක් රෝහලේ කොළඹ නුවර පාරේ මාවනැල්ල ප්‍රාදේශීය සභා බල සිමාවේ පිහිටි පහල කඩුගන්නාව කොටසේ පිහිටා තිබු ඇට්ටරමාරා ගසක් පළතුරු කඩ පෙළේ කඩ කිහිපයක් මතට හා ප්‍රධාන මාර්ගය පතිත විමෙන් එහි සිටි තරුණෙයකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි. 05 October 2018
වැසිකිලි වළකින් ලක්ෂයකට අධික රබර් රොටී තොගයක් සොයාගනී දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් විහාරහේන, රුක්මන් යාය ප්‍රදේශයේ කඩාවැටුණු පාළු නිවසක වැසිකිලියක තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් හිමිකරුවෙකු නොමැති අලවිය සඳහා සකසා තිබූ රබර් රොටී කිලෝ 330 ක් අද (5) සොයා ගත් බව දෙනියාය පොලීසිය කියයි. 05 October 2018
බඹර ප්‍රහාරයකින් දෙදෙනෙක් රෝහලේ බලන්ගොඩ වලේබොඩ ප්‍රදේශයේ තේ වත්තක කම්කරුවන් දෙදෙනකු බඹර ප්‍රහාරයකට ලක්ව අද (05) දහවල් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය . 05 October 2018
බීමතින් හැසිරෙන වෛද්‍යවරයෙක් ගැන විධිමත් පරීක්ෂණයක් අරඹන්නැයි සුව ඇමැතිගෙන් උපදෙස් කන්තලේ මුලික රෝහලේ බීමතින් සහ අශෝභන ලෙස හැසිරෙන වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ආරම්භ කරන්නැයි ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී තිබේ. 05 October 2018
මාළු ලොරියක් පෙරැළෙයි යාපනයේ සිට කොළඹ දක්වා මාළු තොගයක් ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ නයිනමඩමේදි අද (05) මාර්ගය හරහා පෙරැළී සිදු අනතුරකින් එහි රියදුරු සහ රිය සහායකයා 05 October 2018
උණවටුනේ අනතුරකින් අයෙක් මරුට : තිදෙනෙක් රෝහලේ ගාල්ල මාතර මහා මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් උණවටුන එරමුදුගහ හන්දිය අසලදී අද (5) අළුයම පාර හරහා පනින ලද සුනඛයෙක් බේරීම සඳහා උත්සාහ ගැනීමේදී පාරෙන් ඉවතට පැන කාණුවක් තුළට 05 October 2018
අධිකරණ සිරමැදිරියේ වැසිකිලිය තුළ හොරොයින් පානය කළ 5ක් අත්අඩංගුවට හොරණ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ බන්ධනාගාර සිර මැදිරියේ වැසිකිලිය තුළ හොරොයින් මත්කුඩු පානය කරමින් සිටි රැඳවියන් පස් දෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 04 October 2018
කල්අඩියේ අනතුරකින් යතුරුපැදිකරු මරුට පුත්තලම කල්අඩිය 6 යේ කණුව ප්‍රදේශයේ අද (4) රාත්‍රී යතුරු පැදියක් බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මරණයට පත්ව තවත් අයකු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම පොලිසිය පවසයි. 04 October 2018
නවමැදගම අනතුරකින් තරුණයෙක් මරුට මහියංගනය - පොළොන්නරුව මාර්ගයේ නවමැදගම දී අද යතුරුපැදියක් ලොරිරථයක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වී ඇතිබව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි. 04 October 2018
ජාතික පාසල් 300ක විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු මෙරට ප්‍රධාන පාසල් හා ජාතික පාසල් 300ක වසර අටකට වඩා වැඩි කාලයක් රැඳී සිටි විදුහල්පතිවරුන් මෙම මස 16 වැනිදා සිට ස්ථාන මාරු කිරීමට කටයුතු කරන බැව් අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි. 04 October 2018
ආරච්චිකට්ටුව අනතුරකින් හතරකට තුවාල හලාවත පුත්තලම මාර්ගයේ ආරච්චිකට්ටුව හැළඹවටවන ප්‍රදේශයේදී අද සවස සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ සිව්දෙනෙකු හලාවත රෝහලට ඇතුලත්කළ බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 04 October 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026