බස් රිය යතුරුපැදියේ ගැටීමෙන් පුද්ගලයෙක් මරුට ගොන්නොරුව පාසල ඉදිරිපිට දී මත්තල ගුවන් තොටුපොළේ සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරෙන් යතුරුපැදිකරු මියගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි. 12 October 2018
හොරෙන් ඩුබායි ගෙන යන්න ගෙන ආ වල්ලපට්ටා තොගයක් අල්ලයි වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීයකු අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපොලේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 October 2018
නිදන් හෑරීමට ගිය හිමිනමක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට සූරියවැව කරුවල්ගස්වැව පැලවිල්ල පුරාණ ගල් ලෙන් විහාරයේ නිදන් හෑරීමට ගිය හිමිනමක් සමඟ තවත් පුද්ගලයින් තිදෙනෙකු ද සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 October 2018
වැස්සෙන් විපතට පත් වු ගාල්ලේ ජනතාවට සහන සළසන්න මිලියන 11ක් ඉකුත් දින කිහිපය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණ ධාරාණිපාත වර්ෂාව නිසා පීඩාවට පත්වු ජනතාවට සහන සැළසිම වෙනුවෙන් රුපියල් මිලියන එකොළහක මුදලක් ප්‍රාදේශිය ලේකම්වරුන්ට ලබාදි ඇතැයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි කාර්යාලය පවසයි. 12 October 2018
නීති විරෝධී දැල් ආම්පන්න කට්ටල තොගයක් අත්අඩංගුවට කල්පිටිය කළපුවේ මසුන් ඇල්ලීම සඳහා රඳවා තිබූ ලක්ෂ 15 කට ආසන්න වටිනාකමින් යුතු නීති විරෝධී දැල් ආම්පන්න කට්ටල තොගයක් අද (11 ) අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලයේ නිලධායෙකු පැවැසීය. 11 October 2018
යටවෙන බොරුපන ගැන එකිනෙකාට චෝදනා කරති පහුගිය වැසි සමයේ ඇති වූ ගංවතුරට පවා යටනොවුණු මොරටුව බොරුපන ප්‍රදේශය වර්තමානයේදී සුළු වැස්සකට පවා යටවන බවත් කරදියාන කුණු කන්ද ප්‍රදේශයෙන් අක්‍රමවත්ව වේරැස් ගඟ ගොඩ කිරීම මීට හේතුව බවත් බොරුපන තෙලවල ප්‍රදේශවාසීහු පවසති. 11 October 2018
නිසි වැටුපක් ඉල්ලා මස්කෙළිය වතු කම්කරුවෝ පාරට බසිති තම දෛනික මුලික වැටුප රු දහස දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බලකරමින් මස්කෙලිය ස්තැස්පි වතු යායේ කොටස් හයක වතු කම්කරුවෝ මස්කෙලිය සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ගවරවිල මංසන්ධියේ අද (11) උද්ඝෝෂණයක නිරත වුහ. 11 October 2018
හැටන් ඩිපෝවට නව බස් රථ පහක් හැටන් ලංගම ඩිපෝව මගින් මිල දී ගත් බස් රථ පහක් එම ඩිපෝවේ නිලධාරීන් වෙත බාරදීම ප්‍රවහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) සිදුකෙරිණි. 10 October 2018
අපනයන කෘෂිකර්ම වාර්ෂික පර්යේෂණ සමුළුව 18 සහ 19 ගන්නෝරුවේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදක්වන අපනයන කෘෂි බෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුව (ඒසිඇක් 2018) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී මේ මස 18 සහ 19 යන දිනවල පැවැත්වෙන බව අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා පවසයි. 10 October 2018
බියර් අලෙවිසැළකට විරෝධය පා උද්ඝෝෂණයක් ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ බියර් අලෙවිසැළක් විවෘත කිරිමට විරෝධය පා ගම්වාසින් පිරිසක් අද (10) ගලෙන්බිදුණුවැව නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ. 10 October 2018
මහවිලච්චියේ ගොවියෝ මෙදාත් කබලෙන් ලිපට ජලය ලැබුණ ද බිත්තර වී සපයා ගැනීමට නොහැකි වීමත් සී සා ගැනීමට ට්‍රැක්ටර් සඳහා මුදල් ගෙවීමට මුදල් නොමැතිකම නිසාත් මහවිලච්චිය ගොවි ව්‍යාපාරයේ ගොවිහු විශාල අර්බුදයකට ලක්ව ඇතැයි මහවිලච්චිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.එස්.එම්.ඒකනායක මහතා කීවේය. 10 October 2018
ඇල්දෙනියේ පස් කන්දකට යටවී අයෙක් මරුට මහරගම ඇල්දෙනිය පාර ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමට කම්බි බඳිමින් සිටි 23 හැවිරිදි පුද්ගලයකු පස් කණ්ඩියකට යටවීමෙන් මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇති බව මහරගම පොලිසිය පවසයි. 10 October 2018
විදුලි සැර වැදී වවුනියාව පොලිසියේ ‘කූපර් සුනඛයා’ මරුට වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රඳවා සිටි කූපර් නැමති නිල සුනඛයා අද (10) උදෑසන විදුලි සැර වැදී මියගොස් ඇති බව වවුනියාව පොලිසිය කියයි. 10 October 2018
දඹුල්ලේ වැස්සට හානි වු ලූනු ගොවීන්ට වන්දි වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූනු ගොවීන්ට හෙක්ටයාර් එකකට රු. 100,000 බැගින් කෘෂි රක්ෂණ වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 10 October 2018
කැබ් රියකට හැපී අගුණකොලපැලැස්සේ අයෙක් මරුට අගුණකොලපැලැස්ස සතිපොළට පිවිසීමට ඇති අතුරු මාර්ගයකදී කැබ් රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබු පාරේ ගමන් කළ මගීයකු මිය ගිය බව පොලිසිය පවසයි. 10 October 2018
මීනගයා දුම්රියේ ගැටුණු අලියෙක්ට අසාධ්‍යයි මඩකලපුව සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ මීනගයා දුම්රියේ ගැටුණු වන අලියකු තුවාල වී වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේ වී මඩ ගොහොරක වැටී සිටින බව වනජීවි නිලධාරීහු පවසති. 10 October 2018
වාහනයක ගැටී කොස්තාපල්වරයෙක් මරුට අනුරාධපුර පුත්තලම මාර්ගයේ ළිදවැව දේවාලය අසලදි වාහනයක ගැටීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අද(10) උදෑසන මිය ගිය බව නොච්චියාගම පොලිසිය කියයි. 10 October 2018
අගුණකොලපැලැස්සේදී වාහනයකට යටවී අයෙක් මියයයි අගුණකොළපැලැස්ස නගරයේදී අද (09) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගිය බව අගුණකොළපැලැස්ස පොලිසිය කියයි. 09 October 2018
හෙරොයින් මත්කුඩු අලෙවි කළ පුද්ගලයකු අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු අද (09) බිංගිරිය - හීන්පන්නාව වැව අසලදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය පවසයි. 09 October 2018
නාඳුනන කාන්තා මළ සිරුරක් මොරගොඩ ඇලේ තිබියදී සොයා ගනී නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් අද (9) ගාල්ල මාගල්ල ගංගාරාම පාරේ මොරගොඩ ඇලේ පාවෙමින් තිබියදී සොයා ගත් බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 09 October 2018
උත්සාහයෙන් කළ වගාව දී-ඇල් ඔයේ ගසාගෙන යයි විදේශගතව උපයාගත් ධනය ද යොදවා වසර විස්සකට වැඩි කාලයක් පුරන්ව තිබූ කුඹුරු යායක් වගා කරමින් පවත්වාගෙන ගියද දී-ඇල් ඔයේ ජල පහරට යටවී සිය පළමු අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශයට වූ ගොවි මහතකු පිළිබඳ පුවතක් වේයන්ගොඩ කොට්ටලින් වාර්තා වේ. 09 October 2018
කලවාන - රත්නපුර මාර්ගයේ බස් වර්ජනයක් කලවාන රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස් සහ ලංගම බස් අද (9) සවස් වරුවේ සිට වර්ජනයක් ඇරඹීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා පාසල් සිසුන් ඇතුළු මගීහූ දැඩි අසීරුවට පත්විය. 09 October 2018
කිඹුල් පැටව් සමඟ කිඹුල් මවක් ළිඳකින් ගොඩ ගනී වව්නියාව දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමඟ ගම්වැදුණු කිඹුලෙකු සහ පැටවුන් දෙදෙනෙකු වව්නියාව කුරුඳුපිටිය ගම්මානයේ වගා ළිඳකට වැටී සිටියදී ගොඩට ගෙන අද (9) මුදාහැරීමට වව්නියාව වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය. 09 October 2018
පියා ගසින් වැටී පවුලේ අත්වැල බිඳෙයි අනුන්ට උපකාරයක් සඳහා ගසකට නැග අත්තක් කැපීමට ගිය දෙදරු පියෙක් ගසෙන් ඇද වැටී වසර පහක් තිස්සේ සුසුම්නාව බිඳී එක්තැන් වී සිටින පුවතක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තෙහේන බේලියකන්ද ප්‍රදේශයෙන් වාර්තා වේ. 09 October 2018
ගුරුවරියගේ රන් මාලය පැහැර ගනී පාසල් ගුරුවරියක් පැළඳ සිටි රුපියල් අනූදහසක් වටිනා රන්මාලය බදුල්ල ස්ප්‍රිංවැලි මාර්ගයේ දී අද (9) පැහැර ගෙන ගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 09 October 2018
ගොයමක් කපා වී අස්වැන්න හොරෙන් ගෙන ගිය අයෙක් අත්අඩංගුවට ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සාරවත් වෙල්යායක ගොයමක් යන්ත්‍ර සුත්‍ර යොදාගනිමින් හොරෙන් කපා අස්වැන්න එදිනම නිවසට ගෙනගිය පුද්ගලයෙකු අත්අඩංගුවටගත් බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 09 October 2018
මධ්‍යම පළාත් සභාවේ කාලය අදින් අවසන් මධ්‍යම පළාත් සභා පාලනය කාලය අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවත් ගත වූ වසර පහක පාලන කාලය තුළ මධ්‍යම පළාත් සභාව ඉතිහාසයට යමක් එක් කළ බව පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය. 08 October 2018
කසල තේ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට හැටන් දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් කසල තේ තොගයක් ප්‍රවහනය කිරීම සඳහා හැටන් දුම්රිය ස්ථානයට බාර දී තිබූ කසල තේ තොගයක් සැකකරුවෙකු සමඟ අද (08) මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 October 2018
අකුරණ නගරයේ ව්‍යාපාරිකයෝ - ප්රදේශවාසිහු උද්ඝොෂණයක අකුරණ නගරය නිරන්තරයෙන් ජලයෙන් යටවීමට බලපාන හේතු ඉවත් කර දෙන ලෙස ඉල්ලමින් අද (08) අකුරණ නගරයේදී උද්ඝොෂණයක් පැවැත්විණි. 08 October 2018
ජනාධිපති වුණොත් මුලින්ම කරන වැඬේ ගැන ඇමැති නවීන් කියයි රටේ පළමු පුරවැසියා වීමට මතුයම් දිනෙක තමාට වාසනාව ලැබුණහොත් තමා ප්‍රථමයෙන්ම කරන්නේ පෙර පාසල් ගුරුවරුන්ට මාසික වේතනයක් ලබාදීම යැයි එක්සත් ජාතික පක්ෂ සංවිධායක හා වැවිලි කර්මාන්ත ඇමැති නවීන්ද දිසානායක මහතා පවසයි. 08 October 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026