(රේඛා තරංගනී ෆොන්සේකා)
පහුගිය වැසි සමයේ ඇති වූ ගංවතුරට පවා යටනොවුණු මොරටුව බොරුපන ප්‍රදේශය වර්තමානයේදී සුළු වැස්සකට පවා යටවන බවත් කරදියාන කුණු කන්ද ප්‍රදේශයෙන් අක්‍රමවත්ව වේරැස් ගඟ ගොඩ කිරීම මීට හේතුව බවත් බොරුපන තෙලවල ප්‍රදේශවාසීහු පවසති.
පළාතේ මන්ත්‍රීවරයා සහ ග්‍රාමසේවක මිස මැතිවරණ පැවැත්වෙන සමයේදී ඡන්දය වෙනුවෙන් ඩිපෙන්ඩර් රථ වලින් එහි පැමිණි ඇමතිවරු කිසිවකු ප්‍රදේශය යටත්වීමෙන් පසු එහි නොපැමිණි බවත් ඔවුහු කීහ.
මේ දිනවල පවතින වැසිබර කාලගුණික තත්වය හේතුවෙන් මොරටුවේ ග්‍රාම සේවා වසම් 12ක් ජල ගැල්මට ලක් වූ අතර 3782ක පිරිසක් අවතැන් වී සිටිති.
මේ සම්බන්ධයෙන් ජනතාව මෙන්ම තෙලවල කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයා වන සුරේෂ් ඉන්දික මහතාද අදහස් දැක්වීය.
කරදියාන කුණු කන්ද ඉදිරියෙන් දිවෙන අතුරු මාර්ගය පුඵල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අක්‍රමවත් ලෙස ගඟ ගොඩ කරන බව සඳහන් කරන මන්ත්‍රීවරයා එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස ගංවතුර තත්වය ඇති වු බව ද පැවසීය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයාගෙන් අප කළ විමසීමේදී ඒ මහතා අදාළ ව්‍යාපෘතිය භාරව සිටිනුයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී කේ. රාජපක්ෂ මහතා බව පවසමින් ඔහු වෙත අප යොමු කළේය. ඒ මහතා පැවසුවේ ව්‍යාපෘතිය ජල ගැල්මට හේතුවක් නොවු බවයි. ව්‍යාපෘතියට අනුව මාර්ගය පුළුල් කිරීමේ අරමුණින් ගං ඉවුර ගොඩ කළද මඩ ඉවත් කර ගඟ ගැඹුරට හෑරීම හේතුවෙන් ජල ගැල්මක් ඇති නොවන බව ඔහු පැවසීය.
ජල ගැල්මට හේතුව ගඟ රක්ෂිතය ගොඩ කර ප්‍රදේශවාසීන් ගෙවල් හැදීම බව පෙන්වා දෙන ඒ මහතා අනවසර නිවාස රැසක් ගඟේ ඉදිකර ඇතිබව පැවසීය.
ගඟ දෙපස රක්ෂිතය අහිමි වීම හේතුවෙන් ගඟ පටු වී ඇතැයි ද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන රැසක් අවධානය යොමුකර ඇති බවත් ගඟ රක්ෂිතය නැවත ලකුණු කර අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් නිමාලි කරුණාරත්න මහත්මිය පැවසූයේ ගඟ රක්ෂිතය ලෙස ගණන් ගැනෙන 1960 වර්ෂයෙ ලකුණු කොට ඇති රක්ෂිත සීමාව වේරැස් ගඟ ඉවුරේ දැන් නොමැති බවයි.
ගඟ රක්ෂිතය ලකුණු කෙරෙන වැඩ සටහනක් මේ දිනවල ක්‍රියාත්මක වන බව සඳහන් කරන එම මහත්මිය වසම් දොළහෙ ඇතැම් ස්ථානයන්හී ජල ගැල්මට හේතුව ගඟ ගොඩ කිරීමඅ පමණක් නොවන බව පැවසීය. කරදියාන කුණු කන්ද පසින් ඉවුර ගොඩ කිරීම බොරුපන වසම පිහිටි දකුණු ඉවුරට බලපෑම් කලේද යන්න නිශ්චිතව කිව නොහැකි වුවත් ගඟ මැද සිමෙන්ති අබලි දැකගත හැකි බව ඇය පැවසුවාය.
ගඟ රක්ෂිතයේ අනවසර ඉදිකිරීම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක බව සඳහන් කරන ඇය පැමිණිලි ලැබුණු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියයවර ගත්බව පැවසුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
යටවෙන බොරුපන ගැන එකිනෙකාට චෝදනා කරති
himal Thursday, 11 October 2018 01:11 PM
ගඟකට ඇළකට රක්ෂිතයක් ලකුණු කරාම ඒක උඩ ගෙවල් හදාගත්තා නම් වතුර වැඩි වෙද්දි යට වෙනවා තමයි. ඔය විසඳුම් ඉල්ලා මොර දෙන අයගේ ඇත්ත තත්ත්වය ඕක. තව හොඳට හොයලා බැලුවා නම් ඔය ගෙවල් වල වැසිකිළි බටත් හරවලා තියෙන්නේ ඔතනටම කියලා දැන ගන්න හැකියි.
Bamunuarachchi Friday, 12 October 2018 02:44 AM
රක්ෂිතවල සාදන ගෙවල් වලට අවසර දී හෝ නොදී වරිපනම් අංක දෙන්නේ කව්ද? විදුලිබලය දෙන්නේ කව්ද? ජලය සපයන්නේ කව්ද? එහෙම දෙන්න සිදුවන්නේ කාගේ බලපෑම් නිසාද? දැනට අවුරුදු 40-50 කලින් කොළඹ සහ අවට වෙල් හෝ වගුරු බිම් හැටියට තිබුනේ අවට උස ප්‍රදේශවල වැසි වතුර එකතුවූ ප්‍රදේශයි. ඒවා ගොඩකර පදිංචි උනානම් දැන් විඳවන්න. ඕවාට විසදුම් නැත.