(මොහොමඩ් ආසික්)
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි විද්‍යාඥයන්ගේ නවතම පර්යේෂණ ප්‍රතිඵල එළිදක්වන අපනයන කෘෂි බෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුව (ඒසිඇක් 2018) සහ කෘෂිකාර්මික ප්‍රදර්ශනය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී මේ මස 18 සහ 19 යන දිනවල පැවැත්වෙන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පි. හීන්කෙන්ද මහතා පවසයි.
මෙම සමුළුව හා ප්‍රදර්ශනය සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් මස 18 වන දින පෙ.ව. 9.00 ට ආරම්භ කෙරේ. මෙය සංවිධානය කරනු ලබන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මඟිනි. මෙවර එහි තේමාව වන්නේ "තිරසර භෝග කළමණාකරණය මඟින් උසස් ගුණාත්මයක් සහිත නිෂ්පාදන" යන්නයි.
මෙම අපනයන කෘෂිබෝග පිළිබඳ වාර්ෂික පර්යේෂණ සමුළුව ( ASEAC - 2018 ) පස් වැනි වරට පැවැත්වෙන අතර මෙහි දී එළි දක්වනු ලබන පර්යේෂණ ප්‍රතිඵල කුළුබඩු වගාවේ ව්‍යාපාරයෙ සහ අපනයන ක්ෂේත්‍රයේ නියැලී සිටින ගොවි මහත්වරුන්, අපනයනකරුවන්, සැකසුම්කරුවන් ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලී සිටින පර්යේෂකයන්ට, විද්‍යාඥයන්ට හා විශ්ව විද්‍යාල ප්‍රජාවට වැදගත් වන බව ආචාර්ය හීන්කෙන්ද මහතා පවසයි.
සමුළුවේ දී එළිදක්වන නව දැනුම හා තාක්ෂණය තුළින් අපනයන කෘෂි කර්මාන්තය යාවත්කාලීන කිරීම මෙහි එක් අරමුණකි. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වී. ආර්. රාමක්‍රිෂ්ණා පරමා මහතා විසිනි.
ASEAC- 2018 සමුළුවට සමගාමීව පවත්වනු ලබන කෘෂිකාර්මික ප්‍රදර්ශනය කුටි 50 කින් සමන්විතය. ප්‍රදර්ශනය මඟින් වැඩි දියුණු කළ පැළ හා රෝපණ ද්‍රව්‍ය, කුළුබඩු සකස් කිරීමේ හා වියළීමේ යන්ත්‍ර සුත්‍ර, ප්‍රවීණ සුපවේදීන් විසින් මෙහෙයවනු ලබන කුළුබඩු ආශ්‍රිත ආහාර සැකසීම, තාක්ෂණික පොත් හා පත්‍රිකා, ව්‍යාපාර උපදේශන සේවා ඇතුළු සුවිශේෂි අංග රැසකින් යුක්ත බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් බන්දුල වික්‍රමආරච්චි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට හා වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ පර්යේෂකයන්, වගාකරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවීමට වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපනයන කෘෂිකර්ම වාර්ෂික පර්යේෂණ සමුළුව 18 සහ 19 ගන්නෝරුවේදී
Sathya Thursday, 11 October 2018 04:46 AM
එළිදක්වන නව තාක්ෂනයන් ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමද ඉතා වැදගත්.