කාන්තාවන් විකිණීයැයි හෝටල හිමිකරු - සේවකයා වසර 7ක් හිරේට තරුණියන් කිහිප දෙනෙකු ගණිකාවන් බවට පත්කිරීම සඳහා කුට්ටනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ කෑගල්ලේ පිහිටි හෝටලයක හිමිකරුට සහ එහි සේවකයකුට කෑගල්ල මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා වසර 14 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 04 October 2018
ආණමඩුවේ පොල් වගාවක් වල් අලි රංචුවක් වනසයි ආණමඩුව කොතලකෙමියාව ඉහළවැව ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න පොල් වගාවකට අද (4) කඩා වැඳුන වල් අලි රංචුවක් පොල් වගාව වනසා දමා ඇති බව ඉඩමේ හිමිකරු කියයි. 04 October 2018
පළාත් ආදායම් සේවා එකමුතුවේ උද්ඝෝෂණයක් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (4) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි. 04 October 2018
පිහියෙන් ඇන ඝාතනය කළැයි අයෙක්ට මරණ දඬුවම හපුතලේ ප්‍රදේශයේදී පිහියකින් ඇන මිනිස් ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් බදුල්ල මහධිකරණයේ විභාග වූ නඩුවකදී අදාල විත්තිකරුට මරණ දඬුවම ලබාදීමට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා අද (4) නියෝග කළේය. 04 October 2018
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි. 04 October 2018
සැප රියෙන් කේරල ගංජා ඇද්ද තිදෙනෙක් අත්අඩංගුවට යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මර්ගයේ ඕමන්ත මංසන්ධියේ දී සුඛෝපභෝගී වෑන් රථයකින් කේරල ගංජා කිලෝ 9 ග්‍රෑම් 924 ක ප්‍රමාණයක් රැගෙන යමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලීසිය පවසයි. 04 October 2018
මාරවිල රෝහල් සේවකයෝ ජල කුළුණ මත නැගී විරෝධතාවයක මාරවිල මුලික රෝහලේ පවතින පරිපාලන ගැටළු සඳහා විසදුම් ලබාදිමට පරිපාලනය කටයුතු නොකිරිමට විරෝධය පා රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයින් අද (4) සිට ජල කුළුණ මත නැගි විරෝධතාවයක නිරතවුහ. 04 October 2018
ගුවන් තොටෙන් දුම්වැටි තොගයක් අල්ලයි ඩුබායි සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් යුවළක් අද (4) අලුයම කටුනායක ගුවන් තොටුපොලේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 October 2018
නීතී විරෝධි ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ඇල්ල බල්ලකෙටුව දොඩම්ගොල්ල ප්‍රදේශයේදී මෙරට නිෂ්පාධිත බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (4) අත්අඩංගුවට ගෙන ඇතැයි ඇල්ල පොලීසිය පවසයි. 04 October 2018
අත්බෑග් සොරා අත්අඩංගුවට යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ මාර්ගයන්හි තනිව ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් ඉතා සූක්ෂමව සොරා ගන්නා ලද පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව චාවකච්ඡේරි පොලීසිය පවසයි. 04 October 2018
දිඹුලාගල ජීවිත හා දේපළ රැසක් විනාශ කළ වන අලියා අල්ලයි දිඹුලාගල ඇල්ලේවැව ප්‍රදේශයේ ජීවිත හා දේපළ රැසක් විනාශ කෙරු වන අලියකු අද (3) අල්ලා ගැනීමට වනජීවී නිලධාරිහු සමත්වූහ. 03 October 2018
සෙල්ලම් පිස්තොලයක් පෙන්නා මුදල් කොල්ල කෑ පුද්ගලයෙක් අල්ලයි කොල්ලුපිටියේ විසා බලපත්‍ර නිකුත් කරන මධ්‍යස්ථානයකට සෙල්ලම් පිස්තොලයක් රැගෙන කඩා වැදී රුපියල් 55000ක් කොල්ලකා පලායාමට උත්සහ කළ ආරක්ෂක නිලධාරියෙකු ඒ මෙහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 October 2018
ලක්ෂ 18ක පරිගණක සොරාගත් තාක්ෂණ නිලධාරියා අත්අඩංගුවට බම්බලපිටිය ප්‍රදේශයේ පරිගණක පුහුණු මධ්‍යස්ථානයකින් රුපියල් ලක්ෂ 18 ට ආසන්න වටිනා පරිගණක හා එම උපාංග සොරාගත් එම ආයතනයේ තාක්ෂණ නිලධාරියකු අද (3) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. 03 October 2018
මුරුංගාගස්යායේ අනතුරකින් දෙදෙනෙක් මරුට මිද්දෙණිය හුංගම ප්‍රධාන මාර්ගයේ මුරුංගාගස්යාය ප්‍රදේශයේදී අද (03) සිදුවූ අනතුරකින් කුඩා බිළිදෙකු හා ඔහුගේ මව ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය කියයි. 03 October 2018
එක්සත් ජාතීන්ගේ සංවර්ධන නියෝජීතයන්ට අරුවක්කාඩු උපවාසකරුවෝ මඟ හරස් කරති එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ පිරිසක් අද (3) පුත්තලම ජුම්මා දෙවස්ථානයට ගොස් ආපසු යාමට සැරසෙද්දී අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව උපවාසයක නිරතව සිටින පිරිසක් මඟ හරස් කරමින් විරෝධතාවයක් දැක්වුහ. 03 October 2018
‘ආවා‘ කල්ලියේ 56 ක් අත්අඩංගුවට යාපනයේ ‘‘ආවා’’ කල්ලි සමාජිකයන් 56 දෙනෙකු ගත වු මාස 3 ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. 03 October 2018
ව්‍යාපාරිකයකු බිය ගන්වා රන්භාණ්ඩ-මුදල් කොල්ලකෑ හිටපු මන්ත්‍රී 29 දක්වා රිමාන්ඩ් ජීව අත් බෝම්බයක් සහ පිස්තෝලයක් පෙන්වා වී මෝල් ව්යපාරියෙකු බිය ගන්වා රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාන්ඩ කොල්ලකෑමේ සහ බලපත්‍ර සහිත ගිනි අවියක් පැහැර ගැනීමේ සිද්ධියක් සමිබන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටින තලාව 03 October 2018
පුද්ගල ඝාතනයකට අනුබල දුන් අයෙක් 17 දක්වා රිමාන්ඩ් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීම හා ඝාතනය සැලසුම් කර ඒ සදහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනෙකු මෙම මස 17 දින දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ලිලාන් ටිලන්ත වරුසවිතාන මහතා අද(03) නියෝග කළේය. 03 October 2018
රන් භාණ්ඩ සොරාගත් මව-පුතු අත්අඩංගුවට පානදුර පොලිස් බල ප්‍රදේශයේ නිවාස ගණනාවක රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයකු හා ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි. 03 October 2018
ඇටම්පිටියේ කතකගේ ගෙල කැපු අයෙක් අත්අඩංගුවට ඇටම්පිටිය වේල්ලෙවෙල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් කාන්තාවකගේ ගෙල කැපු පුද්ගලයෙක් අද (3) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 October 2018
බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක් අත්අඩංගුවට බාලවයස්කාර සිය ඥාති දියණිය වසරකට අධික කාලයක් තිස්සේ අපයෝජනය කළ බව කියන 27 හැවිරිදි විවාහක පුද්ගලයකු හල්මිල්ලෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. 03 October 2018
බෘවුන්ස්වික් වතුකම්කරුවෝ වතු සමාගමට එරෙහිව උද්ඝෝෂණයක් ජිවන වියදමට සරිලන මුලික වැටුපක් ලබාදෙන ලෙස ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් මස්කෙලිය පොලිස් වසමට අයත් බෘවුන්ස්වික් වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට වතු සමාගමට එරෙහිව අද (3) උද්ඝෝෂණයක නිරතවුහ. 03 October 2018
විදුලි රැහැනක පැටලී තරුණයෙක් මරුට කරන්දෙණිය මඩකුඹුර ප්‍රදේශයේදි වල් ඌරන් මැරීමට යොදා තිබු විදුලි රැහැනක පැටලි විසි දෙහැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇතැයි කරන්දෙණිය පොලිසිය පවසයි. 03 October 2018
ස්ප්‍රිංවැලි වතුයායේ පාලනාධිකාරිය එරෙහිව උද්ඝෝෂණයක් හාලිඇල ස්ප්‍රිංවැලි වතුයායේ පාලනාධිකාරියට විරෝධය දක්වමින් එම වතුයායේ වතු කොටස් හතක වතු කම්කරුවන් අද (03) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 03 October 2018
අලුත්ගම ධම්මානන්ද නා හිමියෝ අපවත්වෙති සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ අවුරුදු 103ක් ආයු වළඳා මහනුවර මහ රෝහලේදී ඊයේ (2) අපවත් වූහ. 03 October 2018
රජරට සිසුන් සිව්දෙනකුගේ පන්ති තහනම් රජරට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි සිසුන් සිව් දෙනෙකුගේ පංති තහනම් කොට තිබේ. 02 October 2018
පුද්ගල ඝාතනයකට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම හා පුද්ගල ඝාතනයකට අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් දෙදෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ අංශය හා තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (02) අත්අඩංගුවට ගනු ලැබීය. 02 October 2018
සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා මුදල් කොල්ල කෑ පුද්ගලයා රිමාන්ඩ් සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා කෙල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරිය බියගන්වා රුපියල් 55,000 ක් කොල්ලකන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියම කළාය. 02 October 2018
බාලවයස්කාර සිසුවියකගේ මළ සිරුරක් හමුවෙයි ගාල්ල දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබු බාල වයස්කාර පාසල් සිසුවියකගේ මළ සිරුරක් අද (2) සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි. 02 October 2018
බීමත්ව අශෝබනව හැසිරුණැයි ප්‍රා.ස මන්ත්‍රී රිමාන්ඩ් නාගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී වරයකු නාගොඩ පොලිස් ස්ථානයට බිමත්ව ගොස් අශෝභන ලෙස හැසිරුණ බවට චෝදනා ගොනු කරමින් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 02 ) ඉදිරිපත් කිරීමෙන් පසු 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. 02 October 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026