IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එක්සත් ජාතීන්ගේ සංවර්ධන නියෝජීතයන්ට අරුවක්කාඩු උපවාසකරුවෝ මඟ හරස් කරති

 

හිරාන් ප්‍රියංකර ජයසිංහ

එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ පිරිසක් අද (3) පුත්තලම ජුම්මා දෙවස්ථානයට ගොස් ආපසු යාමට සැරසෙද්දී අරුවක්කාඩු කසල අංගනයට එරෙහිව උපවාසයක නිරතව සිටින පිරිසක් මඟ හරස් කරමින් විරෝධතාවයක් දැක්වුහ.

එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජීතයින් පිරිසක් ජනතාවගේ ප්‍රශ්න සොයා බැලීමට ස්ථාන කිපයකට ගොස් තිබු අතර ඒ සමඟම ඉදිකරමින් පවතින  අරුවක්කාඩු කසල අංගනයට විරෝධය දක්වමින් සිටි පිරිසිදු පුත්තලමක් සඳහා වු  සංවිධානය පස්වැනි දිනටත් සිදුකරන උපවාසය පවත්වන පුත්තලම කලපු තීරයට පැමිණ තිබුණත් උපවාසකරුවන් සමඟ කිසිදු වචනයක් හෝ සාකච්ඡා නොකර පිටත් වී පුත්තලම ජුම්මා දේවස්ථානයේ දී මේ පිළිබදව සාකච්ඡාවකට එක්ව තිබිණි.

එම සාකච්ඡාවට පිරිසිදු පුත්තලමක් සඳහා වු සංවිධානයේ පිරිසක් එක්ව සිටි අතර එයට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විදේශීය ජාතිකයින් දෙදෙනකු සමඟ ශ්‍රී ලාංකික නියෝජීතයින් දෙදෙනෙකු පැමිණ තිබිණි.

  



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන නියෝජීතයන්ට අරුවක්කාඩු උපවාසකරුවෝ මඟ හරස් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site