සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද නාහිමියෝ අවුරුදු 103ක් ආයු වළඳා මහනුවර මහ රෝහලේදී ඊයේ (2) අපවත් වූහ.
1915 වසරේ නොවැම්බර් මස 22 වන දින තුම්පනේ ගම් පළාතේ අලුත්ගම උපත ලැබූ රාජකරුණාධිපති වාසල දුක්ගන්නාරාල හාමිලාගේ මහඅරඹේ හීන් බණ්ඩා
නම් වූ දරුවා අලුත්ගම ධම්මානන්ද නමින් 1934 සැප්තැම්බර් 6 වැනිදා පැවිදි දිවියට පත්විය.
පසුව මහනුවර ශ්‍රී සංඝරාජ පිරිවෙනින් අධ්‍යාපනය ලැබූ ධම්මානන්ද හිමියෝ වර්ෂ 1935දී උපසම්පදා සීලයට පත්ව වර්ෂ 1940දී කර්මාචාර්ය පදවියට පත්වූහ.
වර්ෂ 1972දී ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර රාජකාරි කටයුතු කළ උන් වහන්සේ වර්ෂ 1987දී මල්වතු මහා විහාරය පාර්ශ්වයේ මහෝපාධ්‍යාය ධුරය සඳහා පත්වූහ.
2004දී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත් උන්වහන්සේ මියන්මාර් දේශයෙන් පිරිනමන උතුම්ම ගෞරව නාමය වන අග්ගමහා පණ්ඩිත ධුරයෙන් පිදුම් ලැබූහ.
මහනුවර බෝගම්බර බන්ධනාගාර සිරකරුවන්ට මෙන්ම මරණ දඬුවම හිමි වූ සිරකරුවන්ට පවා ධර්ම දේශනා කිරීමට ධම්මානන්ද හිමිපාණන් වහන්සේ මහත් කැපවීමෙන් යුතුව කටයුතු කළහ. එපමණක් නොව සිරකරුවන් වෙනුවෙන් බෞද්ධ සමිතියක් සහ දහම් පාසලක් ආරම්භ කර පවත්වා ගැනීමෙන්ද අලුත්ගම ධම්මානන්ද හිමියන් කළේ ශාසනික මෙහෙවරකි.
සිංහල බෞද්ධයන්ගේ උන්නතිය උදෙසා උන්වහන්සේ වසර 80ක පමණ කාලයක් තිස්සේ දැඩි කැපවීමක් කළහ.
දේහය මල්වතු මහ විහාර තුම්පනේ විහාරයේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය සෙනසුරාදා (6) පස්වරු 2.00ට රාජ්‍ය ගෞරව සහිතව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත්ගම ධම්මානන්ද නා හිමියෝ අපවත්වෙති
සිංහල බෞද්ධයා Friday, 05 October 2018 06:08 AM
නිවන් සුව ලැබෙිවා.!