IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

 

බාලවයස්කාර සිය ඥාති දියණිය වසරකට අධික කාලයක් තිස්සේ අපයෝජනය කළ බව කියන 27 හැවිරිදි විවාහක පුද්ගලයකු හල්මිල්ලෑවේ දී  අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ හල්මිල්ලෑව,ගිරානේගම,ගල්කිරියාගම පදිංචි පුද්ගලයෙකි.

අපයෝජනයට ලක්ව ඇති බව කියන මෙම බාලවයස්කාර දැරියගේ මව මීට වසර කිහිපයකට පෙර විදේශ ගතව ඇති බවත් ඇයගේ පියා මහනුවර ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවත් පොලිසිය කියයි.

දැරිය සිය බාප්පාගෙන් සිදුවන මෙම අතවරය ඉවසා ගත නොහැකිව සිද්ධිය පසුගිය දිනක සිය විදුහලේ ගුරුවරියකට පවසා තිබු අතර ඇය විසින් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට දන්වා තිබේ.

ඒ අනුව එහි නිලධාරින්ගේ මැදිහත්වීම මත පොලිසිය මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

 



අදහස් (0)

බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site