IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උත්සාහයෙන් කළ වගාව දී-ඇල් ඔයේ ගසාගෙන යයි

 ( පුෂ්පකුමාර  මල්ලවආරච්චි)


විදේශගතව උපයාගත් ධනය ද යොදවා වසර විස්සකට වැඩි කාලයක් පුරන්ව තිබූ කුඹුරු යායක්  වගා කරමින් පවත්වාගෙන ගියද දී-ඇල් ඔයේ ජල පහරට යටවී සිය පළමු අස්වැන්න සම්පූර්ණයෙන්ම විනාශයට වූ ගොවි මහතකු පිළිබඳ පුවතක් වේයන්ගොඩ කොට්ටලින් වාර්තා වේ.


පවතින වර්ෂා තත්ත්වය සමඟ මෙසේ ගොවි බිම විනාශයට පත්ව ඇත්තේ කොට්ටල පදිංචි පී. විජය වික්‍රම (46) මහතාගේ ය.


වසර කිහිපයක් විදේශගතව සිටිමින් රැකියාවේ නිරත වූ විජයවික්‍රම මහතා යළි විදේශගතවීමේ අදහස හැර දමා ඇත්තේ 85  වියැති වයෝවෘද්ධ පියා සහ සහෝදරිය රැකබලා ගැනීමේ අදහසිනි.


ඔහුගේ නිවසට ආසන්නයේ පිහිටි පරගහවිට මහ වෙල්යායේ පුරන්ව තිබූ කුඹුර වගා කටයුතු සඳහා යොදා ගැනීමේ අදහස ඇතිව එහි වැවී තිබූ වල් උදුරා, කැලය කපා වගා කළ හැකි මට්ටමට වර්ධනය කර මීට මාස කිහිපයකට පෙර වගාව ආරම්භ කළ බව විජයවික්‍රම මහතා කීය. 


ඒ අනුව මෙහි පැණි කොමඩු පැළ 3500 ක් ඇතුළු මෑ, බණ්ඩක්කා, වැටකොළු, බටු, තක්කාලි, බඩ ඉරිඟු ආදි බෝග වගා කර ඇත. වගා කටයුතු සඳහා ජලය ලබාගෙන ඇත්තේ ඒ අසළින් ගලා බස්නා දී- ඇල් ඔයෙනි.

 
 ජල නල පද්ධති සැකසීමට ද ඔහු විශාල වියදමක් දරා ඇත. මේ සඳහා ඔහු දරන ලද වියදම රුපියල් ලක්ෂ හතරක් පමණ වේ. වගා බිම දිනෙන් දින පුළුල් වනවිට ප්‍රදේශයේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂා කර බලා අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.  


වගාවන්හි පලදාව නෙළීමට ආසන්න තත්ත්වයේ තිබියදී වට වැස්සත් සමඟ ගලා ආ ජල කඳ උතුරා යාමෙන් වගා බිම ගතවූ සතියේ අවස්ථා දෙකකදී අඩි තුනක් පමණ යට වී ඇත. වතුරට යට වී තිබූ පැණි කොමඩු අස්වැන්න නෙළා අලෙවි කිරීමට සූදානම් වුවත් ඒ සියල්ල නරක් වී ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයක පැවතීම නිසා තම බලාපොරොත්තු සියල්ල සුනු විසුනුව ගිය බව විජයවික්‍රම මහතා කීය. බණ්ඩක්කා වගාවේ කොටසක් පමණක් ඉතිරිව ඇති අතර සෙසු බෝග සියල්ල විනාශව ගොසිනි.

 

ප්‍රදේශයේ තවත් ගොවි මහතකු පැවසුවේ වතුර වැඩි වන විට දී-ඇල් ඔයේ අමුණු විවෘත කර පැවතියේ නම් විනාශය අවම කර ගත හැකි ව තිබූ බවයි.

 



අදහස් (2)

උත්සාහයෙන් කළ වගාව දී-ඇල් ඔයේ ගසාගෙන යයි

Denesh Tuesday, 09 October 2018 09:52 AM

අපි සැමෝම එකතු වෙලා මොනවහරි උදව්වක් කරන්න පුලුවන්නම් හොඳයි......

:       0       276

hira Tuesday, 09 October 2018 10:41 AM

මේවා දකිනකොට පපුව පිච්චිලා යනවා.

:       0       85

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site