IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


විදුලි සැර වැදී වවුනියාව පොලිසියේ ‘කූපර් සුනඛයා’ මරුට

සිතුම් චතුරංග

           

වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ රඳවා සිටි කූපර් නැමති නිල සුනඛයා අද (10) උදෑසන විදුලි සැර වැදී මියගොස් ඇති බව වවුනියාව පොලිසිය කියයි.

නිල සුනඛයාට විදුලි සැර වැදින අවස්ථාවේ එම සත්වයා බේරාගැනීමට ගිය සුනඛයා භාර පොලිස් කොස්තාපල්වරයා ද විදුලි සැර වැදී රෝහල් ගත කළ බව කියයි.

මෙලෙස විදුලි සැර වැදී මියගොස් ඇත්තේ කූපර් නැමති ලැබ්ඩර්ඩෝ වර්ගයේ සුනඛයකු වන අතර එම සත්වයා භාරකරු වූ පොලිස් කොස්තාපල් 60318 යු.ජි.අයි.  උදය කුමාර නිලධාරියා විදුලිසැර වැදී වවුනියාව රෝහල වෙත ඇතුළත් කර සිටියි.

නිල සුනඛයා උදෑසන ශරිර සුවතාවය සඳහා පොලිස් ක්‍රීඩාංගණය තුළ ඇවිදිමින් හා ක්‍රීඩා කරමින් සිට කම්බි වැට අසලට ගොස් ඇති බවත් එහිදී විදුලි සැර වැදී තිබූ බවයි.

මියගිය නිල සුනඛයා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊරට්ටපෙරියකුලම පශු වෛද්‍ය ඒකකයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

සුනඛයාගේ මරණය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය හා අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

විදුලි සැර වැදී වවුනියාව පොලිසියේ ‘කූපර් සුනඛයා’ මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31861 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14326 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11177 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 246 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 340 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site