IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුරුඳු සොරකමට සැකපිට 4 ක් අත්අඩංගුවට

 (යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
නාගොඩ තල්ගස්වලවත්තේ  ගබඩාවේ තිබූ රුපියල් 1,25,400ක් වටිනා කුරුඳු තොගයක් සොරකම් කිරිමේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙකු සොරකම් කරණු ලැබු කුරුඳු තොගය සමග අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි.


මෙකි  වත්තේ තිබූ ගබඩාව බිද එහි තිබු කුරුදු කිලෝ 57ක් මොවුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබුණි. පොලිසිය මේ පිළිබද විමර්ශනය කිරිමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ගල්ළිද ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. සැකකරුවන්ගෙන් කළප්‍රශ්න කිරිමේ දි එක් අයෙකු ගව සොරකම්වලට සම්බන්ද අයෙකු බවද පරික්ෂණ  වලදි අනාවරණය වි ඇති අතර සොරකම් කළ ගවයින්ද සොයාගෙන ඇති බැව් පොලිසිය කියයි.


සැකකරුවන් අද (06) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.  ගාල්ලදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ගාල්ල  කොට්ඨාශභාර පොලිස් අධිකාරි  අනුරුද්ධ බණ්ඩාරහක්මන, සහකාර පොලිස් අධිකාරි 04 උපුල සෙනෙවිරත්න,යන මහත්වරුන්ගේ උපදෙස්මත  නාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  ධම්මක ඩයස්, පොලිස් කොස්තාපල්  37267 රත්නපාල ,  පොලිස් කොස්තාපල් 73069 විජනේද්‍ර, පො කො .රි   80675 කුමාර  යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.

 



අදහස් (0)

කුරුඳු සොරකමට සැකපිට 4 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site