IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජනපති ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා බෙලිඅත්තේ විරෝධතාවයක්


අනීෂා මානගේ
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ ක්‍රමන්ත්‍රණයට විරෝධය දක්වමින් අද (8) බෙලිඅත්ත නගරයේදී විරෝධතාවයක් පැවැත්විණි. 


මෙම විරෝධතාවය ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවන් දෙසීයක පමණ පිරිසක් සහභාගී වූහ. 


විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරත විය. 


බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විනාඩි පහලොවක පමණ කාලයක් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන් බෙලිඅත්ත වටරවුම දක්වා විරෝධතා පාගමනින් පැමිණ නැවත බස්නැවතුම්පළ දක්වා පැමිණ විරෝධතා පාගමන අවසන් කෙරිණි. 
 
විරෝධතාවය හේතුවෙන් පැය භාගයක පමණ කාලයක් බෙලිඅත්ත නගරයේ රථවාහන ගමනාගමනයටද බාධා ඇති විය. 


නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙසද විරෝධතාකරුවන් රජයට බලකරමින් සටන් පාඨ කීය. 



අදහස් (1)

ජනපති ඝාතන කුමන්ත්‍රණයට විරෝධය පා බෙලිඅත්තේ විරෝධතාවයක්

Nuwan Monday, 08 October 2018 10:33 AM

වහල්ලුනේ අද වැඩකරන දවසක් තාමත් රස්සා කරන්නේ නැද්ද, පස්සෙන් ගිහින් එපා වෙන්නේ නැද්ද රස්සාවක් කරන්න හිතන්නෙම නැද්ද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site